IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද

දන්වා කැපුවත් නොදන්වා කැපුවත් විදුලිය කැපිල්ල රටේ පොදු මහත් ජනතාව අමාරුවේ දැමීමකි. නිවෙස්වල, කාර්යාලවල, කඩ සාප්පුවල පමණක් නොව පන්සල්, පල්ලි, කෝවිල්, පාසල් සහ රෝහල් ඇතුළු සියලු පොදු ස්ථානවල දෛනික වැඩකටයුතුවලට විදුලිය කැපිල්ලෙන් වදින්නේ තදබල පහරකි. අඳුරේ සිටීමට සිදුවීම පමණක් නොව සමස්ත සේවා සැපයුම්වලට ද එය තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ඉන්ධන පිරවුම්හල් එයට එක් ප්‍රබල උදාහරණයකි.

විදුලිය කැපීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී හතරබීරි කතා කිහිපයක් ද අසන්නට ලැබිණි. එයින් පෙනී යන්නේ මතුපිට පෙනෙනවාට වඩා අර්බුදයක් යටින් පවතින බවය. දැනට සති කිහිපයකට උඩදී විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් හදිසි විදුලිය අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරනු ලැබීය. එයට අනුමැතිය ලැබුණේ නැත. නියං කාලය දරුණු බැවින් විදුලිය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරමින් ජල විදුලිය නිෂ්පාදනය නොවීම නිසා හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාව මතු වී තිබූ බවද සඳහන් විය. කෙසේ වුවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ කොතරම් දුෂ්කර තත්ත්වයක් පැමිණියත් විදුලිය කැපීමක් සිදු නොකරන බවය. අමාත්‍යවරයාගේ එකී ප්‍රකාශය කෙරෙහි ජනතාව කිසියම් බලාපොරොත්තුවක් රඳවා සිටියේ නම් එය දින දෙක තුනකදී කැඩී බිඳී සිඳී ගොස් ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

විදුලිය නොකපනු ඇතැයි ජනතාව තුළ තිබූ බලාපොරොත්තුව බිඳ වැටුණේ නොරොච්චෝලේ යන්ත්‍රයක බිඳ වැටීමක් සිදු වූ අවස්ථාවේදීය. ඒ සමඟ නොදන්වා විදුලිය කැපීමේ සෙල්ලම ඇරැඹිණි. ප්‍රමාණවත් තරම් ජල විදුලිය නිෂ්පාදනයක් සිදු නොවන නිසා නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් අඩාල වීමත් සමඟ රට පුරා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලියට සිදුවිය හැකි අහිතකර බලපෑම මඟහැරීම සඳහා වරින්වර විදුලිය කැපීමට සිදුවන බවට ප්‍රකාශ ද පළවිය. එහෙත් ඒ බවද ප්‍රකාශ වූයේ රට පුරා තැනින් තැන නොදන්වා විදුලිය කපා හැරීමෙන් පීඩනයට පත්වූ පාරිභෝගික ජනතාවගෙන් පැමිණිලි ලැබීමෙන් පසුවය. ලෝකයේ අධිකම විදුලි බිලක් ගෙවන පාරිභෝගික ජනතාවක් වෙසෙන මේ රටේ ජනතාවට ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම) සැලකීම එසේ විය.

ලංවිම කුමක් පැවසුවද නොරොච්චෝලේ ක්‍රියා විරහිතව තිබූ යන්ත්‍රය අලුත්වැඩියා කර සේවයට යෙදවූ බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද නොදන්වා රටේ තැනින් තැන විදුලිය කපා හැරීම දිගටම සිදු විය. මේ හේතුවෙන් රටේ ඇතැම් පෙදෙස්වලට පැය හයක හතක තරම් කාලයක් එක දිගට විදුලිය නොලැබිණි. මේ පිළිබඳව පැමිණිලි ලැබීමෙන් පසුව එතෙක් නොදන්වා විදුලිය කැපීම, දන්වා විදුලිය කැපීමක් බවට පරිවර්තනය විය. පසුගිය 25 වැනිදා සිට රට පුරා කාල සටහනකට අනුව පැය හතර බැගින් විදුලිය කපා හරින බව ලංවිම නිවේදනයකින් කියැවිණි. මණ්ඩලයේ සභාපති එස්.බී.ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විදුලිය ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකි වීම මේ කපාදැමීමට හේතු වී ඇති බවය. ඒ අනුව විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්වනතුරු කපා හැරීම ක්‍රියාත්මක වනු ඇත.

හේතුව කුමක් වුවද විදුලිය කැපීම රටේ ජනතාවගේ ප්‍රසාදයට හේතු වන්නේ නැත. ඔවුහු මේ හේතුවෙන් දැඩි අසීරුතාවලට මුහුණ දෙති. බල්බ් පමණක් නොව විදුලි පංකා, ශීතකරණ, විදුලි ඉස්තිරික්ක පවා වැඩ කරන්නේ නැත. රාත්‍රී කාලයේ ඊට අමතරව ආරක්ෂාව පිළිබඳ ගැටලුද මතුවෙයි. වෙළෙඳසල්, පිරවුම්හල්, හෝටල් මේ සියලු සේවා ස්ථාන පොදු ගැටලුවලට මුහුණ දෙයි. පාසල් සහ රෝහල්ද මෙම තත්ත්වයට මුහුණ දෙයි. ​ෙජනරේටර් යන්ත්‍ර යොදවා ගැනීමට හැකි ආයතන පමණක් තාවකාලික සහනයක් ලබාගත්තද විදුලිය කැපීම ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරන බව නොරහසකි.

ලංවිම ඉංජිනේරුවරුන් විසින් ලබාදෙන ලද කාල සටහන් අනුව විදුලිය කැපීම ආරම්භ වුවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ ලංවිම සහ විදුලි පෞද්ගලික සමාගම පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය සැපයීමට බැඳී සිටින බවය. මාධ්‍ය දැන්වීම් මගින් රටේ පාරිභෝගික ජනතාව ආමන්ත්‍රණය කරමින් දැනුම් දීමකින් තොරව විදුලිය අත්හිටුවීම පිළිබඳව කොමිෂන් සභාව මගින් පාරිභෝගිකයන්ගෙන් තොරතුරු එක්රැස් කිරීම අරඹා තිබේ. පසුගිය මාර්තු 18 වැනිදා සිට දිවයිනේ විවිධ පෙදෙස්වල දැනුම්දීමකින් තොරව නිරන්තරයෙන් විදුලිය අත්හිටුවීම් සිදුවන බවද එම දැන්වීමේ සඳහන්ය. ලංවිම සහ මාධ්‍ය උපයෝගිතා කොමිසම අතර බරපතළ මතගැටුමක් පවතින බවට පෙන්වා දීමට පිළිගත් සාධක අවශ්‍ය නැත. ලංවිම මගින් සිදුකරන විදුලිය කැපීම සහ එසේ විදුලිය කැපීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් දැන්වීම් පළකොට ලංවිමට අභියෝග කිරීම සහ පියවර දෙකම විදුලිය අර්බුදයට විසඳුම නොවන බව අපගේ වැටහීමය. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ මේ ආකාරයේ පැලැස්තර විසඳුම් නොව තිරසාර විසඳුමකි.

දැනගැනීමට තිබෙන කරුණු අනුව මේ රට තුළ ගත වූ වසර කිහිපය තුළදීම එකද විදුලිය බලාගාරයක් හෝ ඉදිකර නැත. යෝජනා ගණනාවක් ඉදිරිපත් වුවද ඒවා සීමා වී තිබුණේ සාකච්ඡාවලට පමණි. මේ අතපසුවීම්වලට ලංවිම පමණක් නොව රජයේ තීන්දු තීරණ ගන්නා බලවතුන් පවා වගකිව යුතු බව අපගේ පිළිගැනීමයි. නියෝගය එනවිට විදුලිය කැපීම හැර වෙනස් විසඳුමක් නැතැයි පවසන තැනකට මණ්ඩලය තල්ලු වී ඇත්තේ ඇයිද යන්න මුලින්ම විසඳා ගැනීම අවශ්‍යය. එකිනෙකා අතර කඹ ඇදීම් හේතුවෙන් විදුලිය උත්පාදනය තවදුරටත් ඉහළ නොයන්නේ නම් එහි ප්‍රතිඵලය අනාගතයේදී මීටත් වඩා දරුණු විදුලිය කැපීම්වලට රට ගොදුරු වීමය. එය වළක්වා ගැනීමට විධිමත් සැලස්මක් දැන් සිටම සකස් කිරීම අද රටේ මූලික අවශ්‍යතාවකි.

 



අදහස් (6)

විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද

සමන් ඔස්ට්‍රේලියා Wednesday, 27 March 2019 05:03 AM

ඕකට දැන් මන්ත්‍රී කොමිටියක් දාලනේ තියෙන්නේ . දැන් හෙට ඉඳල විදුලිය දේවී.

:       0       4

Perakum Wednesday, 27 March 2019 08:41 AM

විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද...? ඇයි නැත්තෙ, තියෙනවා. සහන මිලකට සුර්ය පැනල දෙන්න. අර්බුදය සදහටම විසඳිය හැක. ඒත් නොකරන්නේ ඇයි.? හේතුව මේක සිරි ලංකාව නිසයි...!

:       4       116

sarath Friday, 29 March 2019 03:10 AM

විදුලි බල මණ්ඩලෙන් දීපු එකම විසදුමක්වත් එකක් වත් මේ පජාත ආණ්ඩුව ක්‍රියාත්මක කලේ නැහැ.මුන්ගේ වෙන මගඩි වැඩක් තියෙන්නේ. චීනෙන් ගෙවල් වලට සොලර් පැනල් දීල එකෙන් මාසිකව බිලක් විදුලි බල මණ්ඩලය හරහා ගන්න ගේමකුත් තියෙනවා .එහෙම උනොත් භෞතිකව චීනෙන් කේබල් ඇද්දේ නැතත් අපි විදුලියත් චීනෙන් ආනයනය කරන ව වගේ (සල්ලි චීනෙට,ආලෝකය ලංකාවෙන්,පැනල් එක චීනෙන්, මාසික ගාස්තුව චීනෙට ) ....... මුන් ,ට්‍රයි කරන්නේ ,ලොකු විදුලි බල ප්‍රශ්නයක් පෙන්වල ,මුන්ට කොමිස් ලැබෙන ව්‍යාපෘති ඇතුලට දාගන්න. 2000 කාලෙත් ඔයවගේ මගඩි වැඩක් කරලා මිනිසුන්ගේ බදු සල්ලි /රටට ගන්න ණය සල්ලි හොරකම් කළා

:       0       26

vipula Friday, 29 March 2019 12:17 PM

අද මහින්ද හිටියා නම් සම්පූර්ණ විදුලි බලාගාර හදලා ඉවරයි. හදන්න එපා කියපු නොරෙච්චෝලේ තියන නිසා ගල්අඟුරුවලට බැනබැන හරි විදුලිය ලැබෙනවා. රටේ වැඩිවන හෝටල් නව ඉදිකිරීමවලට සරිලන විදුලිය දීම අභියෝගයක් වුණාට මේ ආණ්ඩුව ගෙවල් හදලා බෙදලා දෙනවට වඩා හිතන්න බුද්ධියක් නැහැ. ආණ්ඩුවක් රටේ වැඩිමනක් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවට වඩා එක එක්කෙනාට ගෙවල් හැදීම විතරක් කිරීමෙන් රටේ දියුණුව නැතිවෙලා මේවගේ අභාග්‍යසම්පන්න ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. "රටේ සෑම වහලකට සූර්ය කෝෂ" යන්න තේමාවක් ලබාදී විදුලි බිලෙන් මාසිකව අඩුවෙන ආකාරයට යම් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. මේවගේ කිසිම වැඩපිළිවෙලක් නැතුව ලබන ඡන්දෙදි පාක්ෂිකයින්ගේ ඡන්ද විතරක් බලාපොරොත්තු වෙන්න වෙයි. මොකද රටට මොන වින්නැහිය කරත් පාක්ෂිකයන් ඡන්දෙ දෙන නිසා...

:       0       68

PerakumSaturday, 30 March 2019 11:58 AM

මේ වගේ මෝඩ තකතීරු ඡන්ද දායකයෝ ඉන්න කල් ජනතා ප්‍රශ්න කෙසේවෙතත් දේශපාලක මගෝඩිස්ලගේ ප්‍රශ්න නම් නියමෙට විසඳේවි...

:       0       18

smn Saturday, 30 March 2019 04:48 AM

අනේ කාලේ වනේ වාසේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්
2025 ජනවාරි මස 20 259 2

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක


වාහන ආනයනයේ වාසි - අවාසි
2025 ජනවාරි මස 20 95 0

තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍


එජාප - සජබ අනාගතය
2025 ජනවාරි මස 18 715 8

පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 322 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 825 1

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 181 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 394 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 609 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site