IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහින්ද කඳවුරේ සෝදාපාළුව

 

විශේෂයෙන්ම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ඇමැතිතුමාගේ ආගමනයත් සමග කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කයේ කොටසක සමස්ත ඡන්ද ප්‍රතිඵලය ක්ෂණික වෙනසකට බඳුන් විය. උදාහරණයක් ලෙස අරලියගහ මැදුරේ විශ්වාසය වූයේ ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වැඩි ඡන්ද ලක්ෂ දෙක බැගින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වනු ඇති බවයි. එහෙත් අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගම්පහ දිස්ත්‍රික්කය ඡන්ද 4,660කින් පරාජයට පත් විය. ඒ සමගම කුරුණෑගලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වූයේ වැඩි ඡන්ද 80,226ක් පමණි.

 

කොළඹ දිස්ත්‍රික්කය ගත් විට කොළඹ නගරය මධ්‍යයේ පිහිටි මැතිවරණ කොට්ඨාස 5 සමග දෙහිවල සම්බන්ධයෙන් ද මෛත්‍රී ඇමැතිතුමා තුළින් එතරම් බලපෑමක් සිදුවූවා යැයි කිව නොහැක. එහෙත් ඉතිරි මැතිවරණ කොට්ඨාස 9 තුළ සිදුවූ ඡන්ද වෙනස පිටුපස තිබූ මූලික සාධකය පොදු අපේක්ෂක මෛත්‍රී ඇමැතිතුමාය. 


කොලොන්නාව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්ද 17,068කින් පරාජය වන්නේම හිරුණිකා හා සෝලංගආරච්චි මෛත්‍රී ඇමැතිතුමා සමග එක් වූ නිසාය. කළුතර දිස්ත්‍රික්කයට ගිය විට එය හොඳින් ගම්‍යමාන වේ. එනම්, දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය හා රාජ්‍ය සේවකයන් වැඩි වශයෙන් ම ජීවත්වන මැතිවරණ කොට්ඨාස 2 වන්නේ පානදුර හා කළුතරයි. 


2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණ කොට්ඨාස 2 තුළින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පිළිවෙළින් සැලකූ විට විශේෂයෙන්ම පානදුර 912 කින් පරාජය විය. කළුතර ජය ලැබුවේ වැඩි ඡන්ද 4,047කිනි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී එතුමා මෙම කොට්ඨාස 2 ජය ගත්තේ පිළිවෙළින් 13,063 හා 12,225කිනි.


ඒ සමගම මෛත්‍රී ඇමැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට ජයග්‍රහණය ද ලත් තැන ම ලොප් විය. ආණ්ඩුවේ මැතිවරණ විශ්ලේෂකයන් බලාපොරොත්තු වූයේ පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 10,000කින් ජය ගත හැකි බවයි. 


එහෙත් එය වැඩි ඡන්ද 30,914කින් මෛත්‍රී ඇමැතිතුමා ජය ගත්තේය. මේ අනුව ඒ තුළම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සිදු වූ ඡන්ද අවාසිය 40,000කි. සමස්තයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කය මෛත්‍රී ඇමැතිතුමා ජය ගත්තේ වැඩි ඡන්ද 42,330කිනි. සැබවින්ම මෛත්‍රී ඇමැතිතුමා නොවන වෙනත් අපේක්ෂකයකු පැමිණියේ නම් නිසැක වශයෙන්ම එම දිස්ත්‍රික්කය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද 30,000කින් වත් ජය ගනු ඇත. 


මෛත්‍රී ඇමැතිතුමාගේ බලපෑම මතම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂිත ජයග්‍රහණය ද ඒ ආකාරයෙන්ම නොලැබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිස්ත්‍රික්කය ජය ගත්තේ වැඩි ඡන්ද 42,754කින් පමණි. මේ අනුව සමස්තයක් ලෙස උතුරුමැද පළාත තුළින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණු සම්පූර්ණ වැඩි ඡන්ද ප්‍රමාණය 424ක් පමණි. නමුත් අරලියගහ මැදුර මෛත්‍රී ඇමැතිතුමා පොදු අපේක්ෂකයා වීමට පෙර අපේක්ෂා කළේ උතුරුමැද පළාත වැඩි ඡන්ද 1,10,000කින් ජය ගත හැකි වනු ඇති බවය. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ඇමැතිතුමා ඉදිරිපත් වීම තුළ සිදු වූ වැදගත්ම සිදුවීම නම් සිංහල බෞද්ධ මධ්‍යම පන්තියට මෙන්ම දමිළ, මුස්ලිම් ජනවර්ගවලටද එක ලෙස පිළිගත හැකි අපේක්ෂකයකු ලැබීමය. 


කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, හෝමාගම, මහරගම හා කැස්බෑව මැතිවරණ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵලය මගින් පෙන්නුම් කරන්නේ මූලික වශයෙන්ම සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය එතුමා වැලඳගෙන ඇති ආකාරයයි. සැබවින්ම මෛත්‍රී ඇමැතිතුමාගේ ජයග්‍රහණයේ වැදගත්ම සන්ධිස්ථානය එයයි. තවදුරටත් පානදුර, කැලණිය, කෝට්ටේ මැතිවරණ කොට්ඨාසවලින් ද පෙන්නුම් කරන්නේ එයයි. විශේෂයෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දිනාගත නොහැකි සමාජ තීරුව ද එයයි. තවදුරටත් විමසීමේදී දිස්ත්‍රික්ක ගණනාවකම තැපැල් ඡන්ද ප්‍රතිඵලය ද මෛත්‍රී ඇමැතිතුමාට ජයගත හැකි විය. ඒ අනුව රජයේ සේවකයෝ ද 50ට 50 ආකාරයෙන් එතුමාට ඡන්දය ලබා දී ඇත.


විශේෂයෙන්ම කුරුණෑගල හා අනුරාධපුරය තැපැල් ඡන්දය ද මෛත්‍රී ඇමැතිතුමා ජය ගත්තේය. ඒ තුළ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් අති බහුතරයකි. මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ත්‍රිවිධ හමුදාවේ බහුතරය තැපැල් ඡන්දය ලබා නොදී ඇති බව පැහැදිලිය. ජනවාරි 9 වැනිදා අලුයම සිදුවීමට ගිය යම් හමුදා මැදිහත්වීමක් වැළකී ගියේ ඉහත දිස්ත්‍රික් දෙකෙහි තැපැල් ඡන්ද ප්‍රතිඵලය මගින් ලබා දුන් සංඥාව නිසා බවට ද මතයක් ඇත. මේ සියල්ලටම අමතරව මෙම ජනාධිපතිවරණයේ ඡන්ද භාවිතය පිළිබඳ කරුණ ගත් විට ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා එකම පවුලේ සාමාජිකයයෝ, එකම ඥාතීහූ, එකම මිතුරු කණ්ඩායම් බෙදී වෙන් වී සිය ඡන්දය භාවිත කළහ. එය පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - ස්වාමියා, අම්මා - තාත්තා හා දරුවවෝ - දෙමාපියෝ ලෙස බෙදී ගියහ. තවද විශේෂයෙන්ම එක ම පවුලක් ගත් විට බොහෝ දුරට තරුණ දරුවන් පොදු අපේක්ෂකයාට ද අම්මා තාත්තා මහින්ද රාජපක්ෂ මහතාට ද ඡන්දය භාවිත කළහ. එපමණක් ද නොව ජනාධිපතිවරණය පැවැති දිනයේදී ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාවේ ගම්බද කාන්තාවන් වඩා වැඩි උනන්දුවකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කරන බවත් තරුණයන් හා වැඩිහිටි පිරිමි පාර්ශ්වය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය භාවිත කරන බවත්ය.

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

මහින්ද කඳවුරේ සෝදාපාළුව

wije Wednesday, 29 August 2018 03:04 AM

දැන් ඕවා ඔක්කොම බයිලා.... කපටි නරි ඔක්කොම එකතුවෙලා මිනිස්සුන්ව ඇන්දුවා.

:       111       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31249 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13426 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site