පළාත් සභා ඡන්දය නූතන ලාංකික දේශපාලනයේ විවාදාපන්න මාතෘකාවකි. ඇතැමුන් ඊට සද්භාවයෙන් සහභාගී වුවත් තවත් පිරිසකට එය කටගැස්මක්ව තිබෙන බව ඔවුනොවුන් කරන කියන කටයුතුවලින් ප්‍රදර්ශනය වෙයි.
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව දැන් අවුරුද්දකටත් වැඩිය. වයඹ සහ මධ්‍යම පළාත් සභාවල ආයු කාලය අවසන් වූයේ මේ මස දෙවැනි සතියේය. උතුරු පළාත් පළාත් සභාවේ ආයු කාලය අවසන් වූයේ පසුගිය සතියේය. ඒ අනුව දැන් නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා ගණන හයකි. ඒවායේ මැතිවරණ යළි කවදා පැවැත්වේ දැයි දන්නා කෙනකු මේ මිහිපිට නැති තරමට තත්ත්වය දැන් ඔඩුදුවා හමාරය. අාණ්ඩු කරන අයත් විපක්‍ෂයේ සිට ආණ්ඩුවට මුක්කු ගසන පිරිසත් මැතිවරණ කොමිසමත් මේ තත්ත්වයට වගකිව යුතු බව සිවිල් සමාජයේ මතයයි.
මැතිවරණ කොමිසම ඔක්තෝබර් 11 වැනිදා දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් කොමිසම වෙත කැඳවා තිබුණේ පළාත් සභා ඡන්දය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමටය. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විරෝධය එහිදී පක්‍ෂ ලේකම්වරුන් වෙත දැන්වීම ද ඒ කැඳවීමේ අරමුණක් බව කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔක්තෝබර් 11 වැනිදා ලංකාදීපය වාර්තා කර තිබිණි.
ඒ සාකච්ඡාව අවසානයේ දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරන ලෙසය. ඒ සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් පූර්වාදර්ශ ලබාගත හැකි බව ද පක්‍ෂ ලේකම්වරුන් එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී තිබේ. මැතිවරණ කල් යාම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නොපමාව මැතිවරණ පැවැත්වීමට දයානන්ද දිශානායක කොමසාරිස්වරයා 2005 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගත් බව දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දුන් බව ද ඔක්තෝබර් 13 වැනිදා ලංකාදීප වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඒ සාකච්ඡාවට සහභාගී වූ බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ ඒ යෝජනාවට ආණ්ඩුව නියෝජනය නොකරන අනෙකුත් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් ද එකඟතාව පළ කළ බව ඔක්තෝබර් 13 වැනිදා ලංකාදීප පුවතේ සඳහන් විය. ඒ පුවත ඒ ආසන්න දිනවල අනෙක් පුවත්පත්වල ද පළවිය. විද්‍යුත් මාධ්‍යයෙන් ද ප්‍රචාරය විය. ඒ පුවත්වලින් අනාවරණය වූ කරුණ ඉතා පැහැදිලිය. ඒ සුපැහැදිලි කරුණ අන් යමක් නොව ආණ්ඩුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් එකඟ වූ යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් එකඟ නොවූ බවය.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් ඒ යෝජනාවට එකඟ නොවූයේ මැතිවරණ කොමිසම අධිකරණය හමුවට ගොස් එහි තීන්දුවක් මත මැතිවරණ පවත්වතැයි බියෙන් බව සිවිල් සමාජයේ මතයයි. පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමේ බරපතළ වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බව ආණ්ඩුව කරන කතාවලින් හා වැඩවලින් මැනවින් අනාවරණය වෙයි. ආණ්ඩුව 2017 සැප්තැම්බරයේ දී අංක 17 දරන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ ද පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමටය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටින දෙමළ සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද ආණ්ඩුවට ලැබිණි. ඒ පනත මත සකස් කළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ 2018 අගෝස්තු 24 වැනිදාය. එදින ඒ වාර්තාව ඡන්ද 139කින් පරාජයට පත්විය. ඒ වාර්තාවට පක්‍ෂව එකම ඡන්දයක්වත් නොලැබිණි.
ආණ්ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය දුන්හ. ඒකාබද්ධ විපක්‍ෂයේ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් විරුද්ධ වූහ. ඒ වාර්තාවට පක්‍ෂව අදහස් දැක්වූ ජවිපෙ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ. ආණ්ඩුවේ අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්ව ගියහ. ඒ වාර්තාව සභාගත කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරයා වූ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා පමණක් සභාවේ රැඳී සිටිමින් තමා ඉදිරිපත් කළ වාර්තාවට එරෙහිව ඡන්දය දුන්නේය. එසේ කළ මුස්තාපා ඇතුළු ශ්‍රීලනිපය දැන් කියන්නේ ඒ සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු සකස් කරගෙන ඒ මත පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එජාපය ප්‍රමුඛ ආණ්ඩුවේ අනෙක් පක්‍ෂ කියන්නේ ඒ සීමා නිර්ණ වාර්තාව කුණු කූඩයට දමා සමානුපාතික ක්‍රමය මත ඡන්දය පැවැත්විය යුතු බවය.
මේ දෙපිරිස ආණ්ඩුව හා විපක්‍ෂය නොව එක්ව ආණ්ඩු කරන්නෝය. එහෙත් දෙගොල්ල දෙපැත්තට අදිති. ඉන් සිදුවන්නේ පළාත් සභා මැතිවරණ තව තවත් කල් යාමය. එක්ව ආණ්ඩු කරන මේ දෙපිරිස මෙසේ කරන්නේ අන්‍යොන්‍ය අවබෝධයකින් විය නොහැකි ද? මේ දෙපිරිසේම වුවමනාව ඡන්ද කල් දමා ගැනීම නොවිය හැකි ද? ඔවුන් මෙසේ රඟපාන්නේ මැතිවරණ තව තවත් කල් දමා ගැනීම මිස අන් කුමකට දැයි සිවිල් සමාජය ප්‍රශ්න කරන්නේ අහේතුකව විය හැකි ද?
මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්නැයි පක්‍ෂ ලේකම්වරුන් කොමිසමට යෝජනා කළ විට ඒ කොමිසමේ සභාපතිවරයා ඒ පක්‍ෂ ලේකම්වරුන්ට දන්වා තිබුණේ ඡන්ද කල් දැමීමට එරෙහිව නඩු පැවැරිය යුත්තේ දේශපාලන පක්‍ෂ විසින් මිස කොමිසම විසින් නොවන බවය. කෙසේ වෙතත් අන්තිමේ සිදුවන්නේ ඡන්දය කල් යාමය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පළාත් සභා ඡන්දය කොතරම් කලක් කල් යයි ද