පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට කාලය පැමිණ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික මානසික තත්ත්වය දුර්වල කරන, දරුවන්ගේ මානසික තත්ත්වය වට්ටන අම්මලා ලෙඩ කරන, අම්මලා මානසික රෝගීන් බවට පත් කරන එකක් යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉතිහාසය මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉතිහාසයම වේ. නිදහස් අධ්‍යාපනයේ නිවුන් සොහොයුරකු ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය එළි දුටුවේය. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් පහ වසර ශිෂ්‍යත්ව විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ මධ්‍ය මහා විද්‍යාල 50ක් රට පුරා ආරම්භ කරමිනි. ඉතාම දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව රජයේ ශිෂ්‍යත්වයක් ලැබ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මුල් අරමුණුවලින් බැහැරවීම එක් අතකින් අප රට තුළ ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන සෙයකි. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දුගී බවම පරම ධනය කරගත් දූපුතුනට බාධාවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම සඳහා හඳුන්වා දුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය නූතනය වනවිට ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළු කරවා ගැනීමේ අවස්ථාවක් බවට පත් වී තිබේ. එය කොතෙක් මුල් අරමුණුවලින් බැහැරවී ද යත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ‘‘අම්මලාගේ විභාගය’’ යැයි නාමකරණය වී තිබේ.
අධ්‍යාපනයේ තරගකාරීත්වයක් තිබේ. තරගකාරීත්වයක් නොමැති නම් එතැන අධ්‍යාපනයක් නැත. එමෙන්ම සෑම දරුවෙක්ම විෂය කරුණුවලට දක්ෂ පක්ෂ නොවෙති. විෂය කරුණුවලට දක්ෂ පක්ෂ නොවන දරුවා විෂය බාහිර ක්‍රියාකාරකම් හිදී හා තාක්ෂණික විෂය ධාරාවලදී අසමාන කුසලතා ප්‍රදර්ශනය කරයි. මෙම දෙඅංශයේම දරුවන්ට ඉහළට යාමේ සම අවස්ථා නිර්මාණය විය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් මෙරට අධ්‍යාපනය තුළ තරම් පන්ති භේදය නග්න ලෙස ප්‍රදර්ශනය වන අන් තැනක් නොමැති තරම්ය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයටම දරුවන් හා මවුවරුන් කායික මානසික රෝගීන් බවට පත්කරන වාහකයක් බවට පත්ව තිබෙන්නේ එහෙයිනි.
‘‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’’ යැයි කියමනක් තිබේ. පුංචි දරුවාගේ ගමන් මඟ හඳුනාගැනීමේ ඉවක් එකල වැඩිහිටියන්ට තිබිණි. එහෙයින්ම එම දරුවාගේ මාර්ගයේම ඉදිරියට යාමට ඉඩහසර විවර විය. එහෙත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය මනුෂ්‍ය ආත්ම භාවයේ පළමුව හමුවන රනින් නිමවන ලද දොරටුවක් ලෙස අබිසෙස් කර ඇති හෙයින් මවුපිෙයා් දරුවාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර තමන්ගේ අරමුණ වෙතට යොමු කරවති. එම තරගකාරී පසුබිම තුළ අධිවේගයෙන් දුවන මවුපියන්ට දරුවාගේ මානසිකත්වය හඳුනා ගැනීමට තරම් නිස්කාංසුවක් හිමිවන්නේ නැත. තමන් පෙළෙන පීඩාව වචන කිරීමට තරම් හැකියාවක් නොමැති පුංචි දරුවෝ බරපතළ ලෙස අසරණ වෙති. එය වූ කලී ළමා හිංසනයෙන් කෙෙලසකින් හෝ වෙනස් නොවන්නකි.
පාසල් අධ්‍යාපනය තුළ දී එක් විෂයයක උපරිම කාල සීමාව විනාඩි 40කි. පාසල් යන වයසේ පසුවන දරුවකුට ඊට එහා කාලයක් අවධානය යොමු කිරීමට අසමත්වීම එයට හේතුවය. දරුවකුගේ මානසික ඔරොත්තු දීමේ ශක්‍යතාව අධ්‍යාපනඥයන් හා මනෝ විද්‍යාඥයන් නිර්ණය කර තිබෙන්නේ එසේය. එහෙත් පොදුවේ ගත් කල්හි පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන බොහෝ දරුවන්ට මෙම නිර්ණායක හා සීමා අහෝසි වී යයි. ඇතැම්විට රාත්‍රී 10-11 වනතුරුත් උපකාරක පන්තිවල නිදි කිරා වැටෙමින් ඉගෙන ගැනීමට දරුවාට සිදු වේ.
මෙම අයහපත් ලක්ෂණ තුරන් කළ හැකි නම් ඉතා යහපත්ය. එහෙත් සමාජය ඒ පමණට දියුණු නොවුණුවිට නිර්දේශවන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමය. එහෙත් එය කළ යුතුවන්නේ සෑම දරුවකුටම සමාන අධ්‍යාපන අයිතිය සුරක්ෂිත වූ පරිසරයකය. සැබැවින්ම ‘‘ළඟම පාසල හොඳම පාසල’’ බවට පත්වන්නේ නම් මෙම ප්‍රශ්නයට එය කදිම පිළිතුරක් වනු ඇත.
COMMENTS
පහේ "A / L " විබාගය පිළිබදව වටිනා පසුවිපරමක් මෙම ලිපියෙහි මනාව පැහැදිලි කර ඇති බැවින් මෙම ලිපිය සකස්කළ එම මහත්මයන්ට ස්තුති වන්නෙමු. මෙහි සදහන් " අධ්‍යාපනඥයන් හා මනෝ විද්‍යාඥයන් " අප රටේ සිටින්නේද යන්න නම් සැකයට තුඩු දෙන්නේය.මෙහි සදහන් පරිදි සෑම පාසැලක්ම සමාන පහසුකම් තිබෙනා පාරිදී සකස් වෙන්නේනම් මෙවන් අවාසනාවන්ත තත්වයකට අපගේ රත්තරන් දු දරුවන් පත් නොවන බව පැහැදිලිය.දශක කීපයක් තුල රජයන් මෙන්ම " ඇමැතියෝද හැටහුටාමාරක් අධ්‍යපන ඇමතියෝ " ලෙස සුර සැප විදිමින් ( දැනට ඉන්න ඇමතියාද ඇතුළුව) ජීවිතය සරි කර ගත්තත් මේ මොහොතේත් අප රටේ මුලික පහසුකම්වත් නැති පාසැල් ඕනා තරම් තිබෙන බව ඇමතියෝ යයි කියා ගන්න අයට නොතිබීම කනගාටුවකි.
වටින ,ලිපියක්. මම හිතන විදිහටනම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් විය යුතු වෙනවා. තියෙන පොත් කන්දරාව ළමයන්ට නෙවෙයි අපිටත් උස්සන් යන්න බැරි තරම් ඒ කියන්නේ තියෙන විෂය පථය ළමයින්ට බර වැඩියි.
නිදහස් අධ්‍යාපනය මගින් හඳුන්වා දුන් මුලික දේවල් තමයි, මාධ්‍ය මහා විද්‍යාල (5 වසරින් ඇරඹෙන ) සහ 5 වසර ශිෂත්වය. මුලින් මාධ්‍ය මහා විද්‍යාලවලින් තුන්කාලක් විනාශ කළා. දැන් දෙවෙනි පියවරත් අරන්. අපි ආපසු ගොස් ඇත්තේ 1945 ට පෙර අවදියට. කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය කියන්නේ ඕකට තමයි.
2015 ට පෙර රජයේ සේවයේ පහළම සේවකයෙකුගේ වැටුප රුපියල් දහදාහට අඩුවුණා. එවැනි සේවකයෙකුට මුදල් නොලැබුණත් ඒ කාලයේ ඉහළ ව්‍යාපාරිකයෙකුගේ දුවකටත් ශිෂ්‍යත්ව ආධාර ලැබුනා. එම මුදල් ගෙවීම ප්‍රමාද වූ මාසයක ඇයගේ පියා ඔහුගේම ප්‍රාඩෝ රථයෙන් කි.මී.50 ක් පමණ ගොස් මුදල් ලබා ගත්තා. මෙවැනි තත්ව තිබුණු නිසා මේ විභාගය අහෝසි කිරීම හොඳයි..
මගේ පුතා කියනවා දවසක් මමත් එක්ක ‘‘තාත්තේ මම මේ පාඩම් කරන විදියට ශිෂ්‍යත්වය අසමත් වුණොත් මම ගඟේ පනිනවා කියලා‘‘ ඒක අහපු මට මගේ ඇඟේ ලේ ටික සීතල වුණා. මට දෙන්න උත්තර නැති වුණා.
කණගාටුයි මමත් ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන ඊලගට නිදහස් අධ්‍යාපනය මගින් හඳුන්වා දුන් මාධ්‍ය මහා විද්‍යාලයට ගිහින් අද්‍යාපනය ලැබුවේ දැන් ඉංගිරිසි නැතුව විශ්වවිද්‍යාලෙට යන්න බැරි කරලා . මට කවදාවත් ඉංගිරිස් පාස් වෙන්න බැරි උනේ ගුරු වරු නැතුව සල්ලි තියෙන අයට පුළුවන් දැන් කරදරයක් නැතව හොද ඉස්කෝලයක් හොයා ගන්න තරගය අඩුයි නේ . කොළඹට කිරි ගමට හුලන් ප්‍රතිපත්තිය
ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පක්ෂව හෝ විපක්ෂව අදහස් දක්වන හැම දෙනාම තමන්ගෙ මතය ඉදිරිපත් කරන්නේ පෞද්ගලික අත්දැකීම් මත. තමන් හෝ තමන්ගෙ දරුවා හෝ තමන් දන්න දරුවෙක් හෝ හොඳින් ශිෂ්‍යත්වය සමත් වී උසස් පාසලකට ඇතුළත් වීමට වරම් ලැබූ අය මෙම විභාගය හොඳයි කියා අදහස් දක්වන අතර, එම අවස්ථාව නොලැබූවන් මෙම විභාගයේ අඩුපාඩු දකියි. නමුත් පුද්ගලිකව නොසිතා රටේ අනාගතය ගැන සිතා විමසා බැලීමේදී, ස්වභාව ධර්මය විසින්ම දායාද කරන ඉතා උසස් බුද්ධි මට්ටමක් සහිත දරුවන් පිරිස ඔවුන්ගේ ළමා කාලයේදීම හදුනාගෙන ඔවුන්ට විශේෂ අනුග්‍රහයක් ලබා දෙමින් බුද්ධිමතුන් ලෙස සකස් කිරීම රජයේ ද වගකීමකි. (දියුණු රටවල ද මෙසේ සිදු කරයි) ඒ සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉතා හොඳ ක්‍රමයක් උවත් වර්ථමානයේදී එහි භාවිතාව ඉතාමත් නරක තත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම දරුවන්ගේ බුද්ධි මට්ටම හා විශ්ලේෂණ හැකියාව මැන බැලීම වෙනුවට ඔවුන්ගේ කට පාඩම් කිරීමේ හැකියාව මැන බැලීමක් වර්ථමානයේ සිදුවේ. විශේෂයෙන්ම ටියුෂන් සංස්කෘතියට උඩගෙඩි දෙන මෙම ක්‍රමය වෙනුවට ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හදුනාගෙන ඔවුන් අනාගතයේ විශේෂඥයින් බවට පත් කිරීමට අනුග්‍රහය ලබා දීම ජාතික අවශ්‍යතාවයකි.
5 විභාගය නිසා අපිටත් හොඳක් උනා එත් අපේ අම්මල බල කරේ නැහැ . අපි ලිවේ 1991 . ඒ කලේ තරඟයට සුදානම් වෙන එක හොඳයි . ලොකු බලාපොරොත්තු තියාගෙන ඒවා බිඳෙනවා බලන්න බැරි කට්ටිය තමයි මෙහෙමෙ කරන්නේ . විභාගය හොඳයි හැමෝම එකට දීල තියන බර වැඩියි ඉස්සර ඔය තරම් සමත් උනෙ නැහැ ටිකදෙනයි ඒ යාල පිලිවෙලකට මුල ඉඳන් හිටිය බලෙන් පාස් කෙරෙව්වට ළමයාගේ ගුණාංග හැදෙන්නේ නෑ. ගමේ ළමයට අවස්ථාව දෙන්න ඕනි එක තමයි ඉස්සර මහා විද්‍යාල හැදුවේ ගමේ පාසැල හොදම පාසැල වෙනකම් ඕක තිබුණානම් හොඳයි නැත්නම් 9 වසර වෙනකොට ළමය අල වෙලා . මොන්ටිසෝරි වලත් උගන්වන්නේ නැහැනේ වැඩිය . 1-2 ත් , 3 දී 4-5 දී එක සැරේටම තද කරනවා එකයි අමාරු . එත් ඕක නැති කලොත් ළමයි මොට්ට වෙයි 9 වසර වෙනකන් නිකම් හිටිය හැකි හැමෝටම නැති උනොත් නම් කොළඹට විතරක් කිරි වෙනවමි ඉක්මනින් ම . ගම හැදුවේ නැත්නම් එයාල එහෙ ම නවතියි . පව්