තිස්සගේ මතක වත-115
මම වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා ඉන්න අතරතුර තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා තීරණය කරලා තිබුණා මම පක්‍ෂ විනය කඩ කරලා තියෙනව, පක්ෂ තීරණවලට පටහැනිව ක්‍රියා කරලා තියෙනව ඒ නිසා මම පක්‍ෂයෙන් නෙරපා හැරිය යුතුයි කියලා. මේ යෝජනාවට අනුව මගේ සාමාජිකත්වය අහෝසි කරලා තිබුණා. මට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ. අඩුම තරමේ ඇයි එහෙම කරන්නේ කියලා මට විමසන්න තවත් අවස්ථාවක් දුන්නේ නෑ. ඔවුන් ඒ තීන්දුව අරගත්ත වෙලාවෙ මම හිටියේ රක්ෂිත බන්ධනාගාර ගතව හිර ගෙදර ඇතුළේ. මාව රඳවලා ඒ ආකාරයට මාව පක්ෂයෙන් නෙරපා හැරීම මූලික අයිතිවාසිකම් කඩවීමක් හැටියට බැලූ බැල්මට වුණත් පේනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනව කියලා තමයි ඒ විදියට කරලා තිබුණේ. මට ලියුමකින් දැනුම් දීලා තිබුණා 2015 පෙබරවාරි 8 වැනිද ඉඳල මගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි යි කියලා.
මම බන්ධනාගාරෙන් එළියට ඇවිත් කරපු පළමුවැනිම දේ තමයි මාව පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරපු එක. මගේ නීතිඥයා විදියට ඒ වැඩ කටයුතු කළේ අලි සබ්රි. යහපාලන ආණ්ඩුව ඇවිල්ලා පළමු වැනි මූලික අයිතිවාසිකම් පෙත්සම මේක. මේක දේශපාලන කාර්යය මුල්කරගත්තු එකක් නිසා කොයි විදියට ක්‍රියාත්මක වෙයි ද කියල අවිනිශ්චිතාවයක අපි හිටියේ. ආණ්ඩුව ආපු ගමන් නිසා යම් යම් බලපෑම් ඇති වෙන්නත් පුළුවන් කියලා අපිට අවිශ්වාසයක් තිබුණා. නීතිඥ අලි සබ්රි ඇතුළු ඔහුගේ නීතිඥ කණ්ඩායම මේකට සෑහෙන මැදිහත් වීමක් කළා. අපේ නඩුව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තුන් දෙනෙක් පත් කළා. ප්‍රියන්ත ප්‍රනාන්දු, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර කියන තුන්දෙනා තමයි නඩුව විභාග කළේ. අලි සබ්රි ඇතුළු කණ්ඩායම මං වෙනුවෙන් පෙනී ඉන්නකොට එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙනී හිටියේ රොමේෂ් සිල්වා, රෝලන්ඞ් පෙරේරා, දයා පැල්පොල, ඉත්රාම් අහමඞ් වගේ නීතිඥවරු මේ අය උසාවියේදී කරුණු ඉදිරිපත් කළා. පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වෙනුවෙන් මගෙන් විශේෂ කරුණු විමසීමක් අවශ්‍ය නෑ කියලා. ජනාධිපතිවරණයේදී පක්ෂය ගත්තු තීන්දුවට එරෙහිව මම ක්‍රියා කරල තියෙනවා කියල ඔවුන් කරුණු ඉදිරිපත් කළා. ඊට විරුද්ධව මගේ නීතිඥ කණ්ඩායම කරුණු ඉදිරිපත් කළා. මේක දින ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගත්තා. තීන්දුව ප්‍රකාශ කරන්න කලින් මම එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙකුටම දැනුම් දුන්නා. එකඟතාවකින් මේක අවසන් කරන්න වුණත් මම සූදානම් කියලා මම කිව්වෙ මගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අවලංගු කරනව නම් නඩුව අවසන් කරන්න සූදානම් කියලා. යූ.එන්.පී. ප්‍රබලයෝ කීප දෙනෙක් මේ ගැන මාත් එක්ක කතා කළා. ඒත් ඔවුන් කිව්වෙ රනිල් වික්‍රමසිංහ මේ ගැන තදින් ඉන්න නිසා මොකුත් කරන්න බෑ කියලා. නඩු තීන්දුව දක්වා අපි ගියා. තීන්දුව මට වාසිදායක විදියට තමයි ලැබුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා පක්ෂ ව්‍යවස්ථාවකට යන්න බැරි නිසා මගේ මූලික අයිතිවාසිකම් උඩ පක්ෂයෙන් නෙරපීම වලංගු නෑ කියල නඩු තීන්දුව ලැබුණා.
මට ආරංචි වුණා නඩු තීන්දුව ලැබුණු දවසෙ නඩුව වෙනුවෙන් පෙනී ඉඳපු කණ්ඩායමට රනිල් වික්‍රමසිංහ තදින් දෝෂාරෝපණය කළා කියලා. මේ ලැබුණු තීන්දුවෙන් මම කලබලයට පත්වෙන්න ගියෙත් නෑ. මම නඩු තීන්දුවෙන් පස්සෙත් පක්ෂයට දැනුම් දුන්නා මේ කෝන්තර දිගින් දිගට ගෙනියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා පළිගැනීම් නවත්තන්න කියලා. මම ඒ වෙලාවෙත් පක්‍ෂයේ කීප දෙනෙකුට කිව්වා මගේ පක්‍ෂයට එරෙහි වීමක් නෑ මම විරුද්ධ වුණේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කරපු එකටයි කියලා. ඒ වගේම මම මතක් කළා මෛත්‍රීගෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරියේදී එල්ලවෙන්න පුළුවන් ප්‍රහාරය පිළිබඳව. මගේ දේශපාලන දැනුමට ඒක හොඳට තේරුම් ගිහින් තිබුණේ. ඒත් ඒ කවුරුවත් මම කියපු එක පිළිගත්තේ නෑ. මොකද ඒ අය හිටියේ අලුත් ආණ්ඩුවක් පිහිටවපු උද්දාමයෙන්. ඒත් වැඩි කල් නොගිහින් මම කියපු දේවල් ඒ විදියටම සිද්ධ වුණා. දැන් මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂය අතර ගැටුම දිහා බැලුවම පේනවා මම එදා කියපු අනාවැකියේ නිවැරදිතාවය.
තව කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
2025 දෙසැම්බර් මස 04
259
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිස්ස පක්‍ෂයෙන් නෙරපයි