රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ඔහුගේ ප්‍රධාන සහායකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් කොල්ලුපිටිය සුපිරි රථ ගාලකදී අත්අඩංගුවට ගනු ලැබූ පුවත අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම රහසිගතව සූක්ෂම හා සංවිධානාත්මකව සිදු කරන්නකි. එබඳු ජාවාරමක් කර මුලින්ම අල්ලා ගැනීම යනු කිසි ලෙසකින් හෝ පහසු කටයුත්තක් නොවේ. එක් අතකින් මෙබඳු මෙහෙයුම්වල නිරත නිලධාරීන්ට ජීවිත අවදානමක් ද පවතී. එම අනතුර නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ට ද වේ. ඒ අනතුර සම්බන්ධයෙන් කල්පනා කරන්නේ නම් මෙබඳු මෙහෙයුම්වලට සම්බන්ධ විය නොහැකිය. ඒ බියගුලු නිවට මාවත පිටුදැක රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් උපනූපන් පරම්පරා වෙනුවෙන් සිය වගකීම එයට හිමි අරුතෙන්ම ඉටු කරන මෙබඳු මෙහෙයුම්වලට අනලස්ව මැදිහත්වන සෑම තරාතිරකම නිලධාරීන්ට මුළුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය. ඒ ජාතික යුතුකම ලංකාදීපය පළමුව ඉටු කරමු.
මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලය හා ගණිකා ව්‍යාපාරය සාර්ථකව කළ හැකිවන්නේ එයට දේශපාලන රැකවරණයත්, ආශිර්වාදයත් හිමිවන්නේ නම් පමණි යන්න ඉතිහාසය විසින් සනාථ කරනු ලැබූ සත්‍යයකි. ඒ රැකවරණයත්, ආශිර්වාදයත් ඉවත් වන්නේ නම් නිලධාරීන්ට තම වගකීම අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේ. මෙතෙක් සොයා ගත් ලොකුම කුඩු තොගය කොටු කරගැනීමේ සාර්ථක මෙහෙයුමෙන් ද ඒ බව ඔප්පු වෙයි.
2018 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 732 කි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 40,998 කි. මේ වසරේ ජනවාරියේ සිට පෙබරවාරි 25 වැනිදා වනවිට අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ගණන 814 කි. ඒ ගණනට කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 294 ද අයත්ය. එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ ජනවාරියේ සිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 6,653 කි. ඒ අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ මෙහෙයුම් ද වේගවත් වී ඇති බවය. කොකේන් ගහන මැති ඇමැතිවරුන් ද සිටින බව රාජ්‍ය ඇමැතිවරයකුම ප්‍රකාශ කර තිබෙන පසුබිමක මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම් වේගවත් වීම හරහා පැහැදිලි වන්නේ එම මෙහෙයුම්වලට දේශපාලන අතපෙවීම් දුරස් වී ඇති බවය. ඒ වෙනුවෙන් එම දේශපාලන අධිකාරියට ද ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.
කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද්දක් බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව මෙරටට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය එන ප්‍රධාන මාර්ගයක් අනාවරණය වී තිබේ. තෙල් බාලා නමැති පාතාලයා එකල ඉන්දියාවේ සිට මෙරට කුඩු ව්‍යාපාරය මෙහෙයවූ පරිදි මාකඳුරේ මධුෂ්ලා හා මොරිස්ලා ඩුබායි හි සිට හෙරොයින් ජාවාරම මෙහෙයවති එහෙත් ඒ සූක්ෂම හා සංවිධානාත්මක මෙහෙයුම් කොටු කර ගැනීමට අපේ පොලිස් විශේෂ කාර්ය බළකායටත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකියාව ලැබී තිබේ. මෙම මෙහෙයුම වඩ වඩාත් දැඩිව පවත්වාගෙන යා යුතුය.
කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් කුඩු තොගය කුඩා පාර්සල් වශයෙන් සකසා තිබී ඇත. එමඟින් රටේ ප්‍රචලිත එක් මිථ්‍යාවක් බිඳ වැටේ. එම මිථ්‍යාව නම් මෙරටදී හසුවන හෙරොයින් තොග මෙරට බෙදාහැරීමට නොව නැවතත් විදේශවලට යැවීමට ඇති ඒවා බවයි. එබඳු ව්‍යාපාරයක් ද තිබිය හැකිය. එහෙත් කොල්ලුපිටියෙන් අල්ලාගත් කුඩු තොගය කුඩා පාර්සල් වශයෙන් අසුරා තිබීමෙන් පැහැදිලි වන්නේ ඒවා මෙරට තුළ බෙදාහැරීමට සූදානමින් තිබූ බවයි. සැබැවින්ම මෙම කුඩු තොගය රට තුළ විසිරී ගියේ නම් රටේ හෙට දවස කෙසේ වනු ඇද්ද යන්න වටහා ගැනීම අසීරු නැත.
මුළුමහත් ජාතියම පරාජයේ විනාශයේ හා මරණයේ මුවවිටට තල්ලු කරන මෙම කුඩු ජාවාරම මුළුමනින්ම විනාශ කර දැමිය යුතුය. ඒ වෙනුවෙන් ගත යුතු ඕනෑම පියවරකට අවශ්‍ය ශක්තිය බලධාරීන්ට හිමි වේවා යන්න ලංකාදීපයේ ප්‍රාර්ථනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් තොගයක් කුඩු කොහෙන්ද?
මෙහි සදහන් පරිදි, 2018 සහ 2019 වර්ෂ තුලදී වැටලු මුළු හෙරෝයින් ප්‍රමාණය 1546 kg . මෙහි වැඩි අවදානය යොමුවිය යුත්තේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර ඇති වන හිගය තුළින් ඇතිවන අසහනය නිසා ඔවුන් වැරදි කිරීමට පෙළඹවීම වලක්වීමයි, ඔවුන් හදුනාගෙන පුනරුත්තාපනය කිරීමයි. මත්ද්‍රව්‍ය වැටලීමේ නියම ප්‍රතිඵල අපට ලබාගත හැකිවනුයේ එවිටයි.
මත් උවදුරවත් මේ ආණ්ඩුව ඉවර කරොත් යුද්දෙ දිනාලා දුන්නාවගේ තමා...........
ප්‍රශංසාව තොරතුරු සපයන්නා/ ඔත්තුකරු බොහෝ විට නිර්නාමික වෙතද යා යුතුය. ඒක තමයි යථාර්ථය.
මහමොල කරුවන් අල්ලන තුරු හා කුඩු ආනයනයෙන් දේශපාලන බල අධිකාරීන් ඉවත් කරන තුරු මේ කපේ ඕක නවත්වනවා බොරු. පසුගිය පාලන සමයේදී රටේ ප්‍රධානම කුඩු ගෙන්වන ප්‍රබලයින් දෙදෙනා පිටුපස "මහෝදර" සහ "චුලෝදර" අයිය මලෝ හිටිය නිසා කුඩු කතාව ඇදී ආ දුර දැන් පේනවනේ. එක දේසපාලුවෙක් එල්ලා මැරුවේනම් කුඩු ගලා ඒම 75% කින් පමණ අඩුවෙනවා.