IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මට සමාවෙන්න

නිල මැස්සෝ මලේ රොන් ගන්නේ 
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා 
ඉබ්බන් පියාඹති අඹරේ 
පිල් විදහා නටයි කලු කපුටා....

මාළුන් දුවයි ගොඩබිමේ 
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නටයි බැස ගඟුලේ 
පෙර වැද්දන් දෙසූ දහම අසලා 
සබන් ගාලා ඇගට උලලා....

හොයලා හොයලා අමාරුවෙන් මම මේ සිංදුව හොයා ගන්නේ අන්තර්ජාලයෙන්. නාට්‍යය තමයි කෝ කුක්කෝ. සිංදුව කියන්නේ අපේ හිතවත් මිහිර සිරිතිලක කුමාර තිරිමාදුර ඇතුළු කණ්ඩායම.

මට මේ වගේ සිංදුවක් එක පාරටම මතක් වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර මැති ඇමතිවරුන් දැකලා.

ඉබ්බන් පියාඹති අඹරේ 
පිල් විදහා නටයි කළු කපුටා....

මම මතුගම ආනන්දයට කොළඹ නාලන්දෙට කලින් පාසල් ගියේ ගෙවල් ළඟ තියෙන අපේ ගමේ මිරිස්වත්ත මහා විද්‍යාලයට. මගේ අම්මා තාත්තා මේ පාසලේ ගුරුවරු වෙලා හිටියා. 

ඔය මිරිස්වත්ත ඉස්කෝලෙට ආව කළුම කළු කොල්ලා තමයි ජය දේව.
අද මුළු රටම දන්න මේ ජයදේව කියන්නේ වෙන කව්රුවත් නෙවෙයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජයදේව රත්නසිරි මහතා.

ගොවිකම ජීවිකාව කරගත් හේරත් සිංඤෝ මාමලාගේ හැම දරුවෙක්ම ඉගෙන ගත්තා. අපේ ගමේ අපි දන්න අයගෙන් ඉස් ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයට ගියේ ඔය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අයියා. පුංචි අපිත් ඔය අයියා දිහා බැලුවේ උගතකු ලෙස ගෞරවයෙන්. ඒ ගෞරවය අපේ අම්මා තාත්තාලගෙත් තිබ්බා. 

මේ ලියන්නේ ඒ මල්ලි ගැන. 
පසුගිය දවසක ඔහුගෙන් මැති ඇමතිවරු ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා. ඒ හැම ප්‍රශ්නයක් තුළම තිබ්බේ එකම අරමුණක්.
මොකක්ද දන්නවාද?
“මට සමාවෙන්න. ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය නිකුත් කරපු එක මම කරපු වරදක්” 

කියන ප්‍රකාශය කොහොම හරි රත්නසිරි මහත්තයාගේ කටින් ගන්න එක. මේ දිහා හරිම උපේක්ෂාවෙන් යුතුව බලා ඉන්න හේරත් සිංඤෝ මාමා ගේ පුතා තමන් කවදාහරි මිය යන්නේ මේ පොළව මතම බව හරි අපූරුවට ඔප්පු කරලා පෙන්නවා. 

වෙසක් එකට පෙන්නපු නැති තොරණ දැන් පෙන්වන්නේ පොසොන් එකට. අන්න ඒ පොසොන් තොරණේ අපි යන්නේ දැන් දෙවැනි කොටුවට.

මේක හුඟක් ඉස්සර කතාවක්. මම දන්න පන්සලක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උසස් පෙළට කළේ කලා විෂයය. දිස්ත්‍රික් ස්ථානය මුල්ම හරිය. දැන් ස්වාමින් වහන්සේ යන්නේ නීති පීඨයට.

හාමුදුරුවො එක දෙයක් දැනගෙන හිටියා. කොච්චර හොඳට නීතිය ඉගෙන ගත්තත් වැඩක් නැහැ. සිවුර අත හරින්නේ නැත්නම් නීතිඥවරයකු වෙන්න බැහැ කියලා. මොකද ඕනෑම පිරිමි කෙනෙක් නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙන්න නම් එක්කෝ ජාතික ඇඳුම අඳින්න ඕනේ. නැත්නම් යුරෝපීය ඇඳුම අඳින්න ඕනෑ. අවසානයේ හාමුදුරුවෝ මූලික අයිතිවාසිකම් නඩුවක් දානවද? එහෙම නැත්නම් නීති උපාධිය අතහැරලා පන්සලට යනවද?

කොහොම වූණත් අවසානයේ ඇඳුම නිසා ඉතිරි වන්නේ ලොකු සමාජ ප්‍රශ්නයක්.

ඇඳුම කියන්නේ සාපේක්ෂ දෙයක්. හැබැයි ඒ සාපේක්ෂ බව මේ සමාජය පද්ධතිය තුළ නිරපේක්ෂ වෙන්න ඕනා. ඉන්දීයාවේ හුඟක් ගම්වල ගැහැනු දවල්ට ඉන්නේ රෑට අදින නයිටිය පිටින්. මේ තත්ත්වය තුළ ගොඩනැගෙන්නේ හරිම අසෝබනයක්.

අන්ද්‍රා ප්‍රදේශයේ දවල්ට නයිටියෙන් ඉන්න ගැහැනුන්ට දඩ ගහන්න නීති ගෙනෙනවා. අවසානයේ දවල්ට අඳින නයිටියට විරුද්ධ ඉන්දියානු සමාජය තුළින්ම මතයක් ගොඩ නැගෙනවා. 

ඌව වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයෙක් වුණ මොනරවිල කැප්පෙටිපොළ හරිම වේලාවේ කොහුඹුරේ රටේ රාල එක්ක එකතු වෙනවා. ඒ තමයි ඉතිහාසය.

පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් ඉදිරියේ නිවටයන් වෙලා ඇඳුමින් අල්ලාගෙන වීරයෙක් වෙන්න හදන විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පිළිබඳව මේ රටේ මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගන්නේ රත්නසිරි මහත්තයා නිසා. මුළු කාරක සභාවේ දිශානතිය මෙන්න මේ ලේකම් වෙනස් කළා.

අර බේසමෙන් තමන්ගේ නිරුවත වසාගත් ගොවියාගේ කතාව හරියට ගැලපෙන්නේ මෙන්න මේ අය ප්‍රශ්න අහන විදිහටය. 

ගමක සිටි ගොවියෙක් පරචිත්ත විජාතනය යනු කුමක්දැයි තේරුම් ගත නොහැකිව කල්පනා කරමින්ම නින්දට ගියේය. පසු දින නාන්න ගිය ගොවියා අමුඩය ගොඩින් තබා ඇළට බැස්සෙත් අර පරචිත්ත විජාතනය ගැන කල්පනා කරන ගමන්මය.

ගමේ හාමුදුරුවෝ ඇළ අසලින් වඩිනු දුටු ගොවියා අසල තිබූ බේසමකින් නිරුවත වසා ගෙන දුවන්නේ හිමි නම වඩින දෙසටය.

“අපේ හාමුදුරුවනේ පරචිත්ත විජාතනය කියන්නේ මොකක්ද?”
“උපාසක පරචිත්ත විජාතනය කියන්නේ අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කම”
හිමි නම දෙසීය.
“ඒ කියන්නේ?” ගොවියා නැවත ඇසුවේ ඇත්තටම තේරුණේ නැති නිසාය.

“දැන් බලන්න උපාසක, ඔබ මේ වේලාවේ හිතන් ඉන්නවා ඔය බේසමේ අඩියක් තිබෙනවා කියලා. ඔබ හිතනවා අඩිය තියන නිසා නිරුවත වැහිලා කියලා”
“ඔබ වහන්සේ හරියට හරි” ගොවියා කීය.

“හැබැයි උපාසක ඔය බේසමේ අඩිය නෑ” කියූ හිමි නම නැවතත් යන්නට ගියේය. 
සමහර සභාවල සමහර සාමාජිකයන් හා මෙම අඩිය නැති බේසමෙන් නිරුවත වසා ගත් ගොවියා අතර සම්බන්ධය ගොඩනැගීමට උත්සහ නොගන්න. 
එය ගොවියාට කරන අසාධාරණයක් බව කරුණාවෙන් සලකන්න. 



අදහස් (1)

මට සමාවෙන්න

Cisco Sunday, 23 June 2019 02:25 PM

සුපිරියි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 349 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 81 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 674 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 314 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 344 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site