ගුවන්තොටේ සිර වු සංක්රමණිකයෝ යළි ඉන්දියාවට
දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්රමණික ගුවන් මගීන් 400 ක පමණ පිරිසක් , ගංවතුර ආපදා ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකකින් අද (30 ) පස්වරුවේ ඉන්දියාව බලා පිටත් කර හැරිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .