කුරුණෑගල හෙක්ටයාර 5514ක් යළි වගා කරන්න බෑ
ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්රික්කයේ කුඹුරු හෙක්ටයාර 12729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් හෙක්ටයාර 5,514ක් යළි වගා කළ නොහැකි බව නිලධාරීහු කුරුණෑගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය. ඉඩම් හෙක්ටයාර 7215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවද නිලධාරීහු එහිදී සඳහන් කළහ.