ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ්
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.