බලපිටියේදී වෙඩි වැදුණු අය රෝහලේදී මිය යයි බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේදි ඊයේ (17) උදෑසන වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (18) අලුයම මියගොස් ඇතැයි කරාපිටිය රොහල් ප්‍රකාශකයෙකු පැවසිය. 18 February 2020
පොල්තෙල් නිෂ්පාදන කම්හලක් ගිනි ගනී මාරවිල හාල්පන්විල මංසන්ධියේ පිහිටි පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් අද(18) ගිනිගෙන විනාශ වී ඇති බව මාරවිල පොලිසිය පවසයි. 18 February 2020
කෑගල්ල-රඹුක්කන මාර්ගය අද පස්වරුවේ සිට පැය 24 ක් වසා දමයි කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය අද (18) පස්වරු 6.00 සිට හෙට (19) අලුයම 6.00 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 18 February 2020
ජනාධිපති මැයි මාසයේ ජපානයේ නිල සංචාරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේදී ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. 17 February 2020
රිපබ්ලිකන් - ඩිමොක්රටික් පක්ෂ සභිකයෝ විදේශ ඇමැති හමුවෙති යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පැනවූ සංචාරක තහනමට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත පිරිසට අද (17) දැනුම් දුන්නේය. 17 February 2020
කුරුදු පොලු නඩුවේ දෙපාර්ශ්වයට සමථයට පත්වෙන්න අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සමථයක් ඇති කර ගැනීමට තවත් එක් අවස්ථාවක් ලබාදෙන බව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (17) ප්‍රකාශ කළේය. 17 February 2020
රජයේ වියදම් වලට තවත් කෝටි 36,700 ක් වෙන්කරගනී රජයේ වියදම් සඳහා තවත් රුපියල් කෝටි 36,700 ක මුදලක් වෙන්කර ගැනීමට රජය තීරණය කර තිබේ. 17 February 2020
‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘ ණය බර අඩු කරන ගමන් අපි ආර්ථිකය ශක්තිමත් කළා.වැටුප් වැඩිකළා.ජනතාවට සහන දුන්නා.ඊටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගන්න කියලා ආණ්ඩුව වෙනස් කළා.නමුත් ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය. 17 February 2020
කොරෝනා සුව වූ රෝගීන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි රුධිරය පරිත්‍යාග කරන්නැයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ රෝගීන්ගෙන් චීන සෞඛ්‍ය බලධාරීහු අද (17) තදින් ආයාචනා කළහ. 17 February 2020
මැතිවරණය පැවැත්විය හැකි දිනගැන මැතිවරණ කොමිසම ජනපතිට දැනුම්දෙයි පාර්ලිමේන්තුව ලබන මාසයේ 2 වැනිදා විසුරුවා හරින්නේ නම් ඡන්ද විමසීම අප්‍රේල් 25ත් 28ත් අතර දිනයක පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 17 February 2020
ඇප ඉල්ලීමේ නියෝගය අප්‍රේල් 2 දා හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) දැනුම් දුන්නේය. 17 February 2020
වෝහාරික විගණනය කළ ආයතනවල වියදම් වලට තවත් කෝටි 3 ක් ඉල්ලයි මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන ඉදිරිපත් කළ ආයතන දෙකක්, අමතර වියදම් වශයෙන් තවත් රුපියල් තුන් කෝටි හැටලක්ෂයක පමණ (රුපියල් මිලියන 36.47) මුදලක් රජයෙන් ඉල්ලා ඇත. 17 February 2020
ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් ලබන මැයි 13 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය. 17 February 2020
චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිසර තත්ත්ව නිරීක්ෂණයට චීනයෙන් මෘදුකාංගයක් චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි විශේෂ මෘදුකාංග පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට චීන විශේෂඥයන් කණ්ඩායමක් කටයුතු කළ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. 17 February 2020
අගමැති - හිටපු ජනපති හෙට සාකච්ඡාවක මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 17 February 2020
එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (17) සිදුකෙරිණි. 17 February 2020
ෆයිට් කැන්සර් ව්‍යාපෘතියෙන් සීඅයිඩීයට පැමිණිල්ලක් මහරගම, අපේක්ෂා පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියෙහි මුදල් අක්‍රමිකතා සිදුවන බවට රෝහල් අධ්‍යක්ෂකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා එම ව්‍යාපෘති කණ්ඩායමේ නායක එම්.එස්.එච් මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය. 17 February 2020
කුලී නොගෙවීමෙන් මාතෘ-ළමා සායන 8 ක් වැසීයාමේ තර්ජනයක් වසර දෙකක් තිස්සේ කුලී මුදල් නොගෙවීමෙන් කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගීන් සම්බන්ධිකරණ කටයුතු සිදුකෙරන මාතෘ හා ළමා සායන 8 ක් වැසී යාමේ අවදානමකට ලක්ව තිබේ. 17 February 2020
‘ඉන්ධන දීමනාවත් අරන් දෙපාර්තමේන්තුවේ වාහන වලින් ගමන් යනවාලු‘ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාවද ලබාගෙන දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් රාජකාරී මෙන්ම පෞද්ගලික ගමන් බිමන් පහසුකම් සලසා ගන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද (17) පැමිණිල්ලක් කර ඇත. 17 February 2020
හොර දොස්තරලා 40,000 ක් දිවයින පුරා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් 40,000ක් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 February 2020
ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන කලාපයේ ආරක්ෂකට මැර ප්‍රහාරයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සීතාවක අපනයන කලාපයේ ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක ප්‍රධානියා මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුට ශල්‍යකර්ම දෙකක් සිදුකළ යුතු යැයි වෛද්‍යවරු අද(17) නිර්දේශ කර තිබේ. 17 February 2020
සිසුන් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ් පාසල් සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව, ලංකාපුර පාසලක විදුහල්පතිවරයකු අද(17) අත්අඩංගුවට ගෙන මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රත් සුරංග අසේළ ද සිල්වා මහතා මාර්තු 3 වන දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ බව පුලස්තිපුර පොලිසිය කියයි. 17 February 2020
ජපානයේ ඉන්ධන වංචාවකට ලාංකිකයකු අත්අඩංගුවට ජපානයෙන් මිලියන 4.2ක වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් වංචනික ලෙස මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයකු ජපානයේ ටෝකියෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 17 February 2020
උදයංග වීරතුංග 26 තෙක් රිමාන්ඩ් රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 February 2020
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත‘ ලකුණින් අයදුම්පතක් යොමු කරයි දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා එම පක්ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා මැතිවරණ ලේකම් කාර්යාලට අද (17) අයදුම්පත්‍රයක් යොමු කළේය. 17 February 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 February 2020
’යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ප්‍රමාණවත් නෑ’ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම වළකාලමින් තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 17 February 2020
ඇමෙරිකාවෙන් වීසා අයැදුම්කරන්න එපා'යි මරික්කාර් ඉල්ලයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට වීසා ලබා නොදීමට ඇමෙරිකානු රජය දමා ඇති වාරණය ඉවත් කරන තුරු ඇමෙරිකාවෙන් වීසා අයදුම් නොකර ඉන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. 17 February 2020
පොහොට්ටුව - අත එක්වන බව කියති එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 17 February 2020
අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමියෝ අපවත් වෙති මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ අද (17) උදේ අපවත් වූහ. 17 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026