හැටන් ඖෂධහලකින් ගෙදරටම බෙහෙත් හැටන් දික්ඔය නගර සීමාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දීමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) ආරම්භ කර ඇත. 29 March 2020
ඇඳිරි නීතිය අස්සේ මත්පැන් සාදයක් පැවැත් වූ 2 ක් අත්අඩංගුවට රස්නායකපුර ප්‍රදේශයේ වැව් තාවුල්ලක් මත මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි. 29 March 2020
රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 March 2020
නවසීලන්තයෙන් පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 29 March 2020
දියණියගේ දේහය අසළට නොයා රට වෙනුවෙන් යුතුකම කළ පියෙක් සිය වැඩිමහල් දියණිය මිය ගියත් නිරෝධායනයෙන් ඉවත් නොවී රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ පියෙක් පිළිබඳව අවිස්සාවේල්ල ඇස්වත්ත පෙදෙසින් වාර්තාවේ. 29 March 2020
එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ විදේශගත ලාංකිකයින් සදහා විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී. 29 March 2020
කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ මුහුදු ගිය ධීවරයෝ 10 ක් ගොඩබිම ගෙනෙති කොරෝනා වයිරසය ආසාදිතයකු ඇසුරැ කළ බව කියන පුද්ගලයකු ධීවර කටයුතු සදහා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඔහු සමග ධිවර කටයුතු සදහා ගොස් සිටි ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් 10 දෙනකු අද (29) අලූයම මුහුදේ සිට ගොඩබිම වෙත ගෙන්වාගෙන නාවික හමුදා ති‍්‍රකුණාමලය විදුර නාවික හමුදා කදවුර තුළ දින 14 ක නිරෝධායනයට යොමුකළ බව නාවික හමුදාව පවසයි. 29 March 2020
මධ්‍යම පරිසර අධිකාරිය අතවශ්‍ය සේවාවක් කරයි මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 29 March 2020
කොරෝනා ආසාදිත තවත් ලාංකිකයෙක් ලන්ඩන් නුවරදී මරුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 29 March 2020
පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 29 March 2020
ජර්මනියේ කොරෝනා මරණ 389 ක් දක්වා ඉහළට ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52,547ක් දක්වා වැඩි වී ඇතැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 389ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට රොබට් කොක් ආයතනය අද (29) සඳහන් කළේය. 29 March 2020
හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙතට බෙදාහැරීමේ කටයුතු අද(29) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා පවසයි. 29 March 2020
අයිඩිඑච් රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙක් සුව ලබා පිටව යයි කොරෝනා ආසාදනය වී අයිඩිඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි තවත් එක් ආසාදිතයකු සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 March 2020
කොරෝනා අස්සේ මිසයිල යවති උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි. 29 March 2020
ඇඳිරි නීතිය ඉවත්කළත් හෙට සිට බණ්ඩාරවෙල වසාදමයි ඇඳිරි නීතිය ඉවත් කළද හෙට (30) බණ්ඩාරවෙල නගරය මුල්මනින්ම වසා දැමීමට බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව තීරණය කළේ යයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (29) පැවසීය. 29 March 2020
අරුණෝදය මාවත අගුළු දමයි පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි. 29 March 2020
රජයේ රෝහල් සායන සුපුරුදු පරිදි: මාස දෙකකට ඖෂධ නිකුත් කරයි රජයේ රෝහල්වල පැවැත්වීමට තිබූ සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර, ඉදිරි මාස දෙක සඳහා ද ඖෂධ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 29 March 2020
බන්ධනාගාර රැඳවියන්ටත් උපරිම සැලකිල්ල ගෝලීය වසංගතයක් බවට පත් වි ඇති කොරෝනා රෝගී තත්වයෙන් පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ සිර හා සැකකරුවන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකරනු ලබයි. 29 March 2020
මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන්නැයි ඉල්ලයි දැනට වසාදමා ඇති මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය කාලීන අවශ්‍යතාවය හමුවේ ක්රීයාත්මක කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස මැදවච්චිය විවිධසේවා සමුපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික තුසිත ගුණරත්න මහතා ඉල්ලා සිටී. 29 March 2020
කොරෝනා කාලයේ හෘදයාබාධයකදී ගත යුතු පියවර ගැන උපදෙස් කොරෝනා වයිරසය වසංගත තත්වයක් ව පවතින මේ කාලයේදී පුද්ගලයකුට හෘදයාබාධායක රෝග ලක්ෂණ මතුවූයේ නම්, අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මහජනයාට දැනුම් දී තිබේ. 29 March 2020
කොරෝනා සහන වැඩට මාලිම්බඩ ප්‍රා. සභාවෙන් ලක්ෂ 10 ක් කොරෝනා වයිරස් මර්ධන කටයුතු සහ ජනතාවට සහන සැලසීම සදහා මාලිම්බඩ ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන් මහතා පවසයි. 29 March 2020
අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි ඌව පළාතේ පළාත් පාලන ආයතන වල මහ සභා කඩිනමින් රැස්කර මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පළාත් පාලන අරමුදල් තිබේනම් ඒවායින් අසරණ වූ ජනතාවට ආහාර දව්‍ය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතා නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට දන්වා තිබේ. 29 March 2020
‘නාගොඩ රෝහලට පැමිණිම සීමා කරන්න’ පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී. 29 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණයට බාධා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණය කිරීමේදී අද(29) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බාධා එල්ලවීම නිසා එහි නිසියාකාර විෂ බීජහරණය කරගැනීමට නොහැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 29 March 2020
නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් නිවාස වලම රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්බව මාරාවිල පොලිසිය කියයි. 29 March 2020
අකුරණ ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් සොයයි මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ. 29 March 2020
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 29 March 2020
ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ . 29 March 2020
නිරෝධායනය අවසන් කළ හයවැනි කණ්ඩායම පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හයවැනි කණ්ඩායම අද (29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ. 29 March 2020
පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 29 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026