දුම්රියේ කලින් ආසන වෙන්කර ගැනීම අද සිට අවශ්‍ය නෑ දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. 20 May 2020
මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය. 20 May 2020
අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑම හෙටින් පසු ඉවතට ‘අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2020
කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අන්දමන් දූපත් වලට ගොඩ ගසයි අප්‍රේල් 26 වැනි දින දහවල් කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර කාර්මිකයින් හය දෙනෙකු රැගෙන මුහුදු ගිය සුරේෂ් බහුදින ධීවර යාත්‍රාව තද සුළං හා රළ පහරට හසුව ඊයේ (19) වන දින අන්දමන් දූලත්වලට ගොඩගසා ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 20 May 2020
දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 20 May 2020
වැලිවිටියේ හිස් ඉඩම් තාවකාලික වගාවට නොමිලේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සතු සියලුම හිස් ඉඩම් තාවකාලික භෝග වගාව සදහා එක් වාර්ෂික ගිවිසුම්ගතව නොමිලයේ වගාකරුවන්ට ලබාදීමට අද (20 ) සිට පියවර ගන්නා බව එම සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා කීවේය . 20 May 2020
අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් කියා සිටියේය. 20 May 2020
එජාපය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට සැරසෙයි උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දින කීපය තුලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බව එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(20) පැවසීය. 20 May 2020
’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවට අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට සහ බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත. 20 May 2020
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ඉහළට අම්ෆන් සුලි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 20 May 2020
මැතිවරණය තියන්න බෑ - කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 20 May 2020
ගංවතුරින් බේරීමට කළු ගඟට අලුතින් මෝය කටක් කළුතර පිහිටි කළුගගේ මෝය අසල අලුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය. 20 May 2020
ඇඳිරිය කැඩූ 660 ක් අත්අඩංගුවට අද (20) උදෑසන හයෙන් අවසන්වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (660)ක් අත්අඩංගුවට ගෙන වාහන (256)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 20 May 2020
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු සහ ගල් පෙරලීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිසිය පැවසීය. 20 May 2020
කොරෝනා ආසාදිතයින් 1027 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 May 2020
බලන්ගොඩ ඇතිවූ ගංවතුර පහව යයි බලන්ගොඩ ඉතිහාසය අලුත් කරමින් අද (19) පෙරවරුවේ ඇතිවූ ගංවතුර තත්වය පස්වරු වන විට බැස යමින් තිබුණු අයුරු දක්නට ලැබිණි. 19 May 2020
ගංවතුර අස්සේ ඔරු පදින්න ගිය පුද්ගලයකු ඔරුව පෙරැළී මරුට ගංවතුරේ ඔරු පැදීමට ගිය රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ඔරුව පෙරැලී යාමෙන් අද 19 හවස මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය කියයි 19 May 2020
ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකයි වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් නොතකමින් ‘කොවිඩ්-19’ ආසාදනය වීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේරියා නාශක ඖෂධයක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 May 2020
කුවේටයේ සිරවී සිටි 462ක් ලංකාවට කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද 19 දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ . 19 May 2020
මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් නෙරපයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්ෂයෙන් නෙරපා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. 19 May 2020
කොරෝනාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයක් ලෝක ආර්ථිකය කඩා වට්ටමින් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජික රටවල් එකඟතාව පළ කර ඇත. 19 May 2020
දේව ප්‍රතිමා තැන්පත් කළ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය පැවසීය. 19 May 2020
සෞඛ්‍ය උපදෙස් අනුව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 19 May 2020
කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවයි ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 19 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 19 May 2020
ගාල්ලේ පවුල් 178 ක් ආපදාවට දැනට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගාල්ලේ පවුල් 178 ක පුද්ගලයන් 575 ක් අද (19) පස්වරුව වන විට ආපදා තත්ත්වයට පත් ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසී ය. 19 May 2020
දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප දීම ප්‍රතික්ෂේප කරයි කන්තලේ සීනි සමාගමේ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට විකිනීම සදහා අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වී දඩ සහ සිරදඩුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට ඇප නියම කිරීම ත්‍රිපුද්ගල ස්ථීර විශේෂ මහාධිකරණ විණිසුරු මණ්ඩුල්ල අද(19) ප්‍රතික්ෂේප කරන ලදි. 19 May 2020
පාකිස්තානයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර නොයන බවත් එම නිසා එය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට පනවා තිබෙන සීමා ඉවත් කළ යුතු බවත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. 19 May 2020
පස් කන්දක් කඩා වැටී කොළඹ-බදුල්ල මාර්ගය අවහිර වෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ පහළ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ විශාල පස්කන්දක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනට එක් මං තිරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත. 19 May 2020
නැවත ශ්‍රී ලංකාවට පැමිණිම ගැන යළි සිතා බලන්න කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්වූ අවස්ථාවකදී හැර , නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබදව යළි සිතා බලන්නැයි විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශයන් හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා සිසුන් ගෙන් ඉල්ලීමක් කර සිටී. 19 May 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026