ඇමෙරිකානු නව ජනාධිපතිවරයාට සජිත්ගෙන් සුබපැතුම්
ප්රජාතන්ත්රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අභිනවයෙන් තේරී පත්වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.