බලපත් නොමැතිව මාදුරුඹය වනෝද්‍යානයට ගිය 10 දෙනකුට දඩ
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි පුද්ගලයන් 10 දෙනෙකුට අදාල චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 1,50000ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්. එම් වයි වාසල මහත්මිය අද(10) නියෝග කළාය.