කාබුල් ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට වැඩිය.