බන්ධනාගාර නව නියාමක නාම ලේඛනය එළියට බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කිරීමට සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය එළිදක්වා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) , මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 28 August 2021
‘‘වත්මන් ආර්ථික ගැටලු ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුයි‘‘ වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2021
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ශ්‍රී ලංකාවට ඇමරිකාව කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද පරිත්‍යාග කළ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. 28 August 2021
මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසයි. 28 August 2021
ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන එලවලු වෙලදාම සඳහා අද විවෘත කිරීමත් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට විශාල එළවළු තොග ලැබුණු බව ආර්ථික මධ්‍යස්තාන ආරංචි මාර්ග කියයි. 28 August 2021
සාගරට පිළිතරු නොදෙන්න විමල්ලා තිරණය කරති රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 August 2021
ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහස ලබා දෙයි නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 5,75,520 ක් සදහා මේ වන විටත් රුපියල් 2,000 දීමනාව ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 August 2021
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2021
ප්‍රදේශ රැසකට අදත් වැසි ප්‍රදේශ රැසකට අදත් (28) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2021
කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 28 August 2021
සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 23 කටුනායකට චීනයේ නිෂ්පාදිත ’’සයිනොෆාම්’’ එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය. 28 August 2021
බන්දුල ගුණවර්ධනටත් කොරෝනා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ. 28 August 2021
එන්නතට ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි හරවා යවයි පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ’’ටෝකන් ’’ ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය. 28 August 2021
රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි. 27 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 749ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 749 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,561 කි. 27 August 2021
කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 214 දෙනකු පෙරේදා (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ තහවුරු කළේය. 27 August 2021
ජර්මන් ගිය ඇෆ්ගන් ඇමැතිගේ අලුත් රැකියාව ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන්වරුන් අතට පත් වේවි යැයි කල්තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත් ජර්මනියේ ලිබ්සිග් නුවර ආහාර සහ බඩු බාහිරාදිය බෙදා හරින්නකු ලෙස රැකියාව කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 August 2021
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ. 27 August 2021
අනවසර වී ගබඩා තව දෙකකට මුද්‍රා තබයි මහියංගනය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වී ගබඩා දෙකකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීහු පියවර ගත්හ. 27 August 2021
ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී. 27 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,812ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,812 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 August 2021
“කොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්න’’ කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 27 August 2021
කොවිඩ් ආසාදිතව පැයකට නවදෙනකු මියයයි කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ. 27 August 2021
වේල්ලවීදිය පොලීසියෙන් යාචකයන්ට දිවා ආහාරය කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ආහාර ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින කොටුව, පිටකොටුව ප්‍රදේශයේ යාචකයන්ට දිවා ආහාරය ලබාදීමට වේල්ලවීදිය පොලීසියේ නිලධාරීන් අද (27) කටයුතු කර තිබිණි. 27 August 2021
හලාවත එන්නත්කරණ සිද්ධිය ගැන පරීක්ෂණයක් වෛද්‍යවරයකුගේ වයස අවුරුදු 12 ක දියණියකට හලාවත, කොක්කවිල ප්‍රාථමික විදුහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (27) පැවසීය. 27 August 2021
’’ඩිජිටල් එන්නත් සහතික ලබාගන්න පැය 24 කදි අයදුම්පත් 1000ක්’’ අන්තර්ජාලය හරහා ‘ඩිජිටල් එන්නත් සහතිකය’ (ස්මාර්ට් වැක්සිං සටිෆිකට්) ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර පළමු පැය 24 තුළදී අයැදුම්පත් 1000 පමණ ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳව අධ්යක්ෂ විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය. 27 August 2021
තනිවම කොවිඩ් පරීක්ෂාව කරගත හැකි උපකරණ ගෙන්වීමට සාකච්ඡා කොවිඩ් වැළඳී ඇත්ද යන්න නිවසේදීම පරීක්ෂා කරගත හැකි ස්වයං රෝග විනිශ්චය කට්ටල මෙරටටත් ගෙන්වීම ගැන මේ වන විට සාකච්ඡා කෙරීගෙන යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 27 August 2021
බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය. 27 August 2021
’’ රට වැසියයුත්තේ විද්‍යාත්මකවයි’’ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය. 27 August 2021
’’ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ’’ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) පැවසුවාය. 27 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026