IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ සිය රක්ෂණ හිමියන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණින් COVID-19 ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙරට විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, තම ප්‍රතිඥාව වන ‘ඔබේ ජීවිතය, අපේ ශක්තිය’ යන්න නැවත වරක් තහවුරු කරමින්, මේ අනපේක්ෂිත දුෂ්කරතා හමුවේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වාදීම සිදුකර ඇත.

නොමිලේ පිරිනමනු ලබන ආවරණයක් වන මෙම COVID-19 ආවරණය ලබාගැනීමේ අවස්ථාව නැවතත් උදාකර දී ඇත්තේ, පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ වර්තමාන ගනුදෙනුකරුවන්ට මෙන්ම අනාගත ගනුදෙනුකරුවන්ටද සහනයක් සැලසීමේ පියවරක් වශයෙනි. මෙමගින් රක්ෂණ හිමියාගේ මරණය සඳහා රු. මිලියනයක් දක්වා වන ආවරණයක් හිමි වේ. නොමිලේ ලැබෙන මෙම ආවරණය, 2020 නොවැම්බර් 02 දින සිට 2020 දෙසැම්බර් 01 දක්වා මාසයක කාලයක් වලංගු වනු ඇත.

එපමණක් නොව, ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගය පැතිර යාම ආරම්භ වීමෙන් අනතුරුව, නිරෝධායන ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන රක්ෂණ හිමියන් වෙනුවෙන් විශේෂ රෝහල් දීමනාවක් ලබාදීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කළේ ය. ඒ අනුව, ප්‍රථම වරට නිරෝධායන ප්‍රතිකාර සඳහා දීමනාවක් ලබාදුන්  රක්ෂණ සමාගම් අතරට යුනියන් ඇෂුවරන්ස් සමාගමද එක් විය. මෙම දීමනාව දිගටම ක්‍රියාත්මක වන බවත්, 2020 ඔක්තෝබර් 20 සිට සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා කාලසීමාව තුළ COVID-19 රෝගය නිසා ප්‍රතිකාර වලට යොමුවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඉල්ලීම් ඒ අනුව සලකා බැලෙනු ඇති බවත් සමාගම නිවේදනය කර ඇත.

පවතින දැඩි දුෂ්කරතා හමුවේ පවා තම රක්ෂණ හිමියන්ට විශිෂ්ට තලයේ රැකවරණයක් ලබාදීමටත්, ඔවුන්ගේ පවුල් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමටත් යුනියන් ඇෂුවරන්ස් සූදානමින් සිටී.

“COVID-19 වසංගතය යනු ගෝලීය සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය අර්බුදයක්. එය සියලුම තරාතිරම් වලට අයත් පුද්ගලයන්ට බලපා තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ, තම පවුල් වල අනාගතය පිළිබඳව සිත්තැවුලෙන් පසුවන රක්ෂණ හිමියන්ට සහනයක් සැලසීම සඳහා අප මේ අතිශයින් කාලෝචිත ආවරණය නොමිලයේ පිරිනැමීමට තීරණය කළා. මෙහි විශේෂත්වය වන්නේ අපගේ වර්තමාන ගනුදෙනුකරුවන්ට පමණක් නොව නව ගනුදෙනුකරුවන්ටද මෙම ආවරණය ලබාගත හැකිවීමයි. එමගින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තම පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවස්ථාව උදාවී තිබෙනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

පැය 24 පුරා ක්‍රියාත්මක යුනියන් ඇෂුවරන්ස් ක්ෂණික ඇමතුම් අංකය වන 1330 ඇමතීමෙන් හෝ mailto:[email protected] ඊමේල් ලිපිනය ඔස්සේ  COVID-19 ආවරණය පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැක. ඊට අමතරව www.unionassurance.com වෙබ් අඩවියට පිවිසී චැට් සේවාව භාවිතා කිරීමෙන්ද විස්තර ලබාගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින්, රු. බිලියන 18 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 38 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2020 අගෝස්තු මාසය වන විට 434% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 197 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site