IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඩයලොග් Rally to Care අරමුදලෙන් මඩකලපුවේ දරුවන්හට ශිෂ්‍යත්ව

වමේ සිට දකුණට : දිල්ශාන් කමියුනිකේශන් ප්‍රයිවට් ලිමිටඩ් හි සිසිර කුමාර, චෙස්මි කන්සොලිඩේටඩ් ප්‍රවයිවට් ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ සුරාජ් රණසිංහ, දුලාන් එන්ටප්‍රයිසස් ප්‍රවයිවට් ලිමිටඩ් හි ඉන්දික වඩුගේ, සර්වෝදය ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්.උදයකුමාර්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, සියොන් දේවස්ථානයේ නියෝජිත මිෂෙල් මහේසන් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී, සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක.


වමේ සිට දකුණට : සර්වෝදය ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්.උදයකුමාර්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර.


 

ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී.

ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා හීදී, මෙම දරුවන් 66 දෙනාට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. අධ්‍යාපනය හරහා දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ළඟා කරවීමේ අරමුණ හා, බලාපොරොත්තු සහ අවස්ථා සහිත දීප්තිමත් අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති බවට සහතිකවෙමින් මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්.උදයකුමාර්, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, සර්වෝදය ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා, සියොන් දේවස්ථානය නියෝජනය කරමින් මිෂෙල් මහේසන් සහ තවත් පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩසටහන යටතේ දරුවන්ට වයස අවුරුදු 19 සම්පූර්ණවන තෙක් ශිෂ්‍යත්ව ලබාදෙයි. ඒ අනුව සෑම මාස හතරකට වරක්‚ මේ සඳහා වෙන්කර ඇති අරමුදලින් 60% ක් සිසුවාගේ ගිණුමටත්, 40% ක් භාරකරුගේ ගිණුමටත් එකවර යොමු කෙරේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන හා සමානව ඩයලොග් පදනමේ Rally to Care අරමුදල කොළඹ අගරදගුරු පදවිය සමඟ එක්ව, කටුවාපිටියේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 185 දෙනෙකු සඳහාත්, කොච්චිකඩේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 102 දෙනෙකු ඇතුළුව දරුවන් 287 දෙනෙකු සඳහා, “ශිල්ප දිරිය” නමින් දිගුකාලීන අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් 01 වෙනිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව පාස්කු ඉරිදා සිදුවීම්වලින් විපතට පත් දරුවන් 353 දෙනෙකු සඳහා, පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින්, Rally to Care අරමුදල යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවිය.

Rally to Care අරමුදල මගින් විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය බාහීර රෝගී සහය‚ බරපතල තුවාල ලත් අයට ඇවැසි සහය ලබාදීමෙන් නොනැවතී‚ දරුවන් හට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ විපතටපත් පවුල් සඳහා මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමට පියවරගෙන ඇති අතර, මේ කටයුතු සඳහා World Vision Lanka, සර්වෝදය, My Doctor, Vision Care සහ රත්මලාන Audiology Centre පාර්ශවකරුවන් ලෙස එක්ව සිටී. මෙම Rally to Care පිළිබඳ වැඩි විස්තර සහ නවතම තොරතුරු http://dialogfoundation.org/rallytocare ඔස්සේ ලබාගත හැකිය.



අදහස් (0)

ඩයලොග් Rally to Care අරමුදලෙන් මඩකලපුවේ දරුවන්හට ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site