IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩයලොග් කළුබෝවිල සහ මීගමුව රෝහල් සඳහා අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල පරිත්‍යාග කරයි

වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි බස්නාහිර පළාතේ CFSS විධායක අතුල ප්‍රදීප් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තාක්ෂණ සමූහයේ බස්නාහිර කලාපයේ ඉංජිනේරු ඉන්දික සුගතදාස.

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී දිවයිනපුරා දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල කළුබෝවිල සහ මීගමුව රෝහල් වෙත පරිත්‍යාග කරන ලදී. COVID-19 ගෝලීය වසංගතය මර්ධනය කිරීමට ගෙන යන සටනේ තම අධීක්ෂණය යටතේ සිටින රෝගීන්ගේ උපස්ථාන කටයුතුවල නියැලී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල, රෝගය ආසාදනයවීමේ අවදානමින් ආරක්ෂාවීමට සහායවීම එහි අරමුණයි.

මෙම අවිනිශ්චිත කාලසීමාව තුළ ඩයලොග් විසින් දිවයිනේ රෝහල් 20 කට Tele Medicine උපකරණ 27 ක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලගන්වා ඇති අතර, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් කළමනාකරණය කරනු ලබන සියලුම නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ WiFi පහසුකම් සහ Dialog Television සම්බන්ධතා කඩිනමින් ලබාදීමට සලස්වා ඇති අතර, IDH රෝහල වෙත video conference පහසුකම් හා ජංගම උපාංග ලබාදීමටත් කටයුතු කර ඇත. තවද යාපනයද ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට අයත් ගම්මාන 265 ක පීඩාවට පත්ව සිටින 70,872 ක පිරිසකට සහන සැලසීම සඳහා වි‍යළි ආහාර බෙදාදීම මනුසත් දෙරණ, සියත ළෙන්ගතුකම සහ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය යන මාධ්‍ය ආයතනවල වැඩසටහන් සමඟද අත්වැල් බැඳගනිමින් දිනපතා සිදුකරන ලදී. 

මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් දැනටමත් ක්‍රියාත්මක කරන බොහෝ මූලාරම්භයන් අතර තවත් එක් මූලාරම්භයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ Covid – 19 ගෝලීය වසංගතයට එරෙහිව ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන උත්සාහයන්ට සහායවීමක් වශයෙන් එය සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙස මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවට e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.
 

 



අදහස් (0)

ඩයලොග් කළුබෝවිල සහ මීගමුව රෝහල් සඳහා අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site