IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


එයාර්ටෙල් අලෙවි අංශය 2019 ීඛෂඵ භ්ීඣ ජයග‍්‍රහණය හිමි කර ගනියි

වසර 2019 SLIM NASCO සම්මානය දිනා ගනිමින් දුරකථන සන්නිවේදන ජාලය තුළ වඩාත් කැමතිම සේවායෝජකයා ලෙස එයාර්ටෙල් ලංකා තම ශක්තිමත් ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත් වී තිබේ. පසුගියදා අවසන් වූ SLIM NASCO සම්මාන උළෙලේදී එයාර්ටෙල් විකුණුම් බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු රන් සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමට සමත් වූ අතර එයාර්ටෙල් ලංකා ආයතනය තම සෘජු සහ වක‍්‍ර යන සේවක දෙපාර්ශවයම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ වෘත්තීය පුහුණුව,වෘත්තීය සංවර්ධන අවස්ථා, මෙවැනි ජයග‍්‍රහණයක් ලබා ගැනීම සඳහා ඉවහල් වී ඇත.සම්මාන උළෙලේ දුරකථන සන්නිවේදන අංශයේ විකුණුම් විධායක /සුපරීක්ෂක අංශයේ යටතේ Best of the Best කාණ්ඩය යටතේ එයාර්ටෙල් ලංකා හි ජ්‍යෙෂ්ට කලාපීය විකුණුම් විධායක බිෂ්රුල් සුහෙයිබ් රන් සම්මානය ලබා ගැනීමට සමත් වූ අතර දුරකථන සන්නිවේදන අංශයේ කලාපීය කළමනාකරු කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට ඉෂාන් මල්වත්තගේ සමත් විය.

සාර්ථක සේවයෝජකයකු ලෙස එයාර්ටෙල් තම ස්ථාවරය ශක්තිමත් කරමින් සිය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධන අවසථාවන් විශේෂයෙන් ක්ෂේත‍්‍ර විකුණුම් විධායක (FSE) සංවර්ධන වැනි වැඩසටහනන් පුළුල් කළ අතර එය මෑතකදී විකුණුම් කණ්ඩායම් සාමාජිකයින්ගේ සාර්ථකත්වයට ප‍්‍රභල ලෙස බලපෑ ඇත..

එයාර්ටෙල් ලංකා හි ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ජිනේෂ් හෙජ් මහතා අදහස් දක්වමින්,” එයාර්ටෙල් ලංකා හි අප සැමවිටම සේවක පුහුණුව සහ කුසලතා සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සේවක බල ගැන්වීම සිදු කරන අතර ඒ වෙනුවෙන් සැළකියයුතු ආයෝජනයක් සෑම වසරකම සිදු කරනු ලබනවා. එසේම ඔවුන්ගේ කැපවීම සහ නිර්මාණශීලිත්වය අගය කරමින් ඔවුන් වෙනුවෙන් ප‍්‍රතිලාභ ද පිරිනමනු ලබනවා.මෙම වසරේ සුහයිබ් සහ ඉෂාන් විසින් දිනා ගත් මෙම සම්මාන අප කරන ලද කැපවීම සඳහා අපගේ සේවකයින් ලබා දුන් හොඳම ප‍්‍රතිඵල බවට සාක්ෂි වන අතර ඔවුන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් මේ අවස්තාවේදී පිරිනමනවා යැයි පැවසීය.

SLIM NASCO සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ සුහයිබ් සහ මල්වත්තගේ තම විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා භාවිත කළ නව්‍ය සහ පාරිභෝගික හිතකාමී විකුණුම් උපක‍්‍රම ඉදිරිපත් කළ අතර කළමනාකරණ දෘෂ්ටි කෝණයකින්, ෂුහායිබ් තම කණ්ඩායම සවිබල ගැන්වීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග සහ එමඟින් තෝරාගත් සේවා යෝජකයෙකු ලෙස දුරකථන සමාගමේ කීර්ති නාමය වෙනුවෙන් ඔහුගේ දායකත්වය පෙන්නුම් කරන ලදී.තවද තෝරාගත් කාලසීමාවක් තුළ කණ්ඩායමේ ක‍්‍රියාකාරිත්වය, විකුණුම් ධූරාවලිය තුළ ඉදිරියට යාමට ඇති හැකියාව සහ ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක ඉටුකරමින් ව්‍යාපාරයට ගෙන එන උපායමාර්ගික වටිනාකම පිළිබඳව ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණී.

එසේම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වනුයේ ජයග‍්‍රහණය ලැබූ මෙම සේවකයින් දෙදෙනාම වර්ධනය වන ක්ෂේත‍්‍ර විකුණුම් විධායකයින්ගේ කණ්ඩායමේ (FSE) කොටසක් ලෙස බෙදාහැරීමේ ජාලය තුලින් සේවයට බඳවා ගෙන තිබීමයි.මෙම සේවකයින් සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වය සහ වේගවත් වර්ධනය සඳහා ප‍්‍රභල දායකත්වයක් ලබා දී තිබේ.

FSE සංවර්ධන වැඩසටහන මගින් මූලිකවම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමට අවශ්‍ය කුසලතා, තාක්ෂණික පුහුණුව,සහය ලබා දීම යනාදී කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කරයි.එයාර්ටෙල් හා සම්බන්ධ වන සෑම පුද්ගලයකුටම FSE මගින් මූලික හැඩගැස්වීමේ සහ හඳුන්වාදීමේ පුහුණුවක් ලබා දෙන අතර ඔවුන්ගේ නිපුණතාව ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් පුළුල් කිරීමට අවස්ථාවක් නිර්මාණය කරමින් ප‍්‍රාදේශීය මට්ටමින් කාර්තුමය පුහුණුවක් ද ලබා දෙනු ලබයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) යනු ශ‍්‍රී ලංකාවේ අලෙවිකරණ සඳහා වූ ජාතික ආයතනය වන අතර එය 1970 සිට අලෙවිකරණ විශිෂ්ටත්වය ප‍්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණ තත්ත්වය ඉහළ නැංවීම සිදු කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගනිමින් සිටියි.අලෙවිකරණය වෙනුවෙන් තවත් වැදගත් පියවරක් තබමින් ීඛෂඵ ආයතනය වර්ෂ 2010 දී ීඛෂඵ භ්ීඣ සම්මාන උළෙල හඳුන්වා දෙනු ලැබූ අතර ක්ෂේත‍්‍රය තුළ විකුණුම් ප‍්‍රභලයින් හඳුනාගැනීම සහ ඇගයීමට පත් කරනු ලබන විශේෂිත වූ සම්මාන උළෙලක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන.

 

භාරති එයාර්ටෙල් ලංකා පිලිබඳව

වර්ෂ 2009 ජනවාරි 12 වන දින ශ‍්‍රී ලංකාවේ මෙහයුම් ඇරඹු භාරති එයාර්ටෙල් (එයාර්ටෙල් ලංකා ) පාරිභෝගිකයන් මිලියනයක් කරා ලඟා වී සිටින ශ‍්‍රී ලංකාවේ වේගවත්ම සන්නිවේදන ජාලය වේ.තම වාණිජ මෙහයුම් ඇරඹු 2009 වර්ෂයේ සිට වසර 03 ක් වැනි කෙටි කාලයක් තුළ එයාර්ටෙල් ලංකාවේ සෑම ප‍්‍රදේශයක් කරාම ව්‍යාපත් වූ අතර අද වන විට මුළු දිවයිනම ආවරණය කරනු ලබයි.ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති එයාර්ටෙල් ලංකා දුරකථන අන්තර්ජාල සේවාවන් සහ ආයතනික විසඳුම් ඇතුළු ඩිජිටල් ජංගම දුරකථන සේවාවන් රාශියක් පිරිනමයි.වැඩි විස්තර සඳහා , www.airtel.lk වෙත පිවිසෙන්න.



අදහස් (0)

එයාර්ටෙල් අලෙවි අංශය 2019 ීඛෂඵ භ්ීඣ ජයග‍්‍රහණය හිමි කර ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 937 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site