IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි

  • ONLINE භාවිතයේදී පවතින අවහිරතා ඉහළයාම හේතුවෙන් අන්තර්ජාලයේ වේගය අඩුවිය හැක
  • ONLINE භාවිතයේදී පවතින අවහිරතා මගහරවාගැනීම සඳහා STREAMING මාධ්‍ය තම VIDEO QUALITY සහ DOWNLOAD SPEED අඩුකිරීමට පියවරගනී

 

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස Online භාවිතයද සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. මේ වන විට Online භාවිතයේදී බොහෝ අවහිරතාද මතුවන්නට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය යුරෝපය තුළ අඩු කිරීමට පියවරගෙන ඇති අතර, ඉතා ඉක්මණින් ඔවුන් මෙය ලොවපුරාද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

ස්වයං නිරෝධායනය ලොවපුරා විසිරී සිටින පුද්ගලයන් නිවසේ රැඳී සිටිමින් රැකියා ස්ථානයේ කාර්යභාර්ය ඉටුකිරීමටත්, ඉගෙනුම් කටයුතුවල නිරත්වීමටත්, සන්නිවේදනයේ යෙදෙමින් නිරතුරුවම සම්බන්ධවී විනෝදාස්වාදය ලැබීමටත් පොළඹවා ඇති පසුබිමක් තුළ Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය වල භාවිතය පෙර නොවූ විරූ පරිදි නව මානයකට යොමුව තිබේ. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් streaming සමාගම්වලට bandwidth වැඩි වශයෙන් රඳවානොගනිමින් ඔවුන්ගේ video files වල ප්‍රමාණය අඩුකිරීමට බලකර තිබෙන අතර, මේ හේතුවෙන් ලොවපුරා තම video quality ‘high’ සිට ‘standard’ දක්වා අඩුකිරීමට YouTube සමාගමටද සිදුව තිබේ.

පෙර නොවූ විරූ පරිදි අන්තර්ජාල භාවිතය සඳහා පවතින අසීමිත පාරිභෝගික ඉල්ලුම සහ ඉහළ යන අන්තර්ජාල අවහිරතා හේතුවෙන් ඉදිරි දිනවලදී නියාමකයන් විසින් අන්තර්ජාල අවහිරතා අධීක්ෂණයට ලක් කර, අන්තර්ජාල සේවා සම්පාදකයන්ට තම සේවාවේ ප්‍රමිතිය පහළ නොයන අයුරින් පවතින අධික ඉල්ලුම දරාගැනීමට හැකිවන පියවර අනුගමනය කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site