ජම්මු හා කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් එම සමාජයට සාධාරණත්වය සහ සංවර්ධනය ලැබෙන බව ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (15) පැවැසීය.
73 වැනි ඉන්දීය නිදහස් දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි ඒ බව පැවැසීය.
විශේෂ බලතල ඉවත් කිරීමෙන්, සමාජයේ පසුපසට වී සිටින සහ නොසලකා හැර සිටින පිරිස් සංවර්ධනය වන බවත් ඔවුන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදි කීය.
ඉන්දීය නිදහස් දින උත්සවය දිල්ලියේ පිහිටි රතු බලකොටුව පරිශ්‍රයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍යවරයා එහිදී ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවය දෙවැනි ධුර කාලය සඳහා බලයට පත්ව මේ වනවිට දින 75ක් ගෙවී ගොස් තිබේ.
ඊට අමතරව ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට නිලධරයකු පත් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිදහස් දින කතාවේදී කීවේය. කාගිල් යුද්ධයෙන් පසුව දශක දෙකක් මුළුල්ලේ එම තනතුර පුරප්පාඩුව පැවැතුණි.
දි හින්දු ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘විශේෂ බලතල ඉවත්කිරීමෙන් ජම්මු -කාශ්මීර වැසියන්ට සාධාරණත්වය ඉටුවනවා’