ශාන්තිකර දූපතක් වන වනුආටු දූපත්වලට බදාදා, එනම් අද (22) පෙරවරුවේ රික්ටර් මාපකාංක 6.7 ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් බලපෑවේය.
එහෙත් සුනාමි අනතුරු ඇඟවීම් කිරීමක් සිදු වූයේ නැති අතර භූ කම්පනයේ ගැඹුර කිලෝමීටර 30ක් ලෙස සටහන් විය. එහි අපිකේන්ද්‍රය ජනගහනය ඉතා අඩු වනුවාටු දූපත්වලට අයත් ඇම්බි්‍රම් දූපතේ පිහිටි බව ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.
භූ කම්පනයෙන් කිසිදු සුනාමි අවදානමක් නැතැයි ශාන්තිකර සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කළේය.
භූ කම්පනයෙන් පසු කුඩා පසු කම්පන ඇතිවීමේ අවදානමක් ඇතැයි සඳහන් කළ බලධාරිහු ප්‍රබල පසු කම්පන ඇතිවිය හැකි යැයි ද කීහ.
උදෑසන බලපෑ භූමිකම්පාවෙන් හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි වනුවාටු ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේය.
වනුආටු යනු 280,000 කට ආසන්න ජනතාවක් ජීවත් වන රටකි. ඊට අයත් දූපත් සංඛ්‍යාවක 65කි. වනුආටු ලොව ස්වභාවික ආපදාවලට මුහුණ දීමේ වැඩිම අවදානමක් ඇති රටක් ලෙස සැලකේ.
ඒ.එෆ්.පී
(055)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘වනුආටු‘දූපතේ භූ කම්පාවෙන් හානියක් නෑ