‘ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ ගීතයෙන් කාගේත් හද බැඳගත් ජනප‍්‍රිය බයිලා ගායකයෙකු වූ නිහාල් නෙල්සන් යුරෝපා සංචාරයකට එක් වෙමින් ඔක්තෝබර් 16 වැනි ඉරිදා සවස 5.30 ට පැරීසියේ සෙන්ට් පියෙර් ශාලාවේදි සංගීත ප‍්‍රසංගයකට එක්වීමට නියමිතය.
නදීර නෝනිස් හා රොහාන්ද සිල්වා තරුණ පරපුරේ ගායකයන්ද ඔහු සමඟ ප‍්‍රසංඟ වේදිකාවේ ගී ගයන්නේය. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛබ්‍රේෂන් සංගීත කණ්ඩායම ඊට සංගීතයෙන් එක්වේ.
ප‍්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කරන මෙම ප‍්‍රසංගයෙන් ලැබෙන ලාභය ශ්‍රී ලංකාවේ අසරණ සිසු දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමට යොදවා ඇතැයි කලා සංසඳයේ සභාපති විමල් බණ්ඩාර මහතා පැවැසීය.
‘කිරි අම්මා‘ ගීය ගැයීමෙන් පසු තමන් මස් මාංශ කෑම අත්හළ බව නිහාල් නෙල්සන් එදා කීවේය. 70, 80 දශකයන්හී නිහාල් නෙල්සන් නොමැති ප‍්‍රසංඟ වේදිකාවක් නොමැති තරම්ය. එක් දිනකට සතර දිග්බාගයේ ප‍්‍රසංඟ වේදිකාව රසවත් කරවන නිහාල් නෙල්සන් එකල බයිලා ගායකයන් අතර සුවිශේෂි නමක් හිමිකර ගත් ගායකයෙකි. ගායනය හා ඔහුටම ආවේණික රංගනය ප‍්‍රසංඟ වේදිකා රසවත් කිරීමට සමත්විය.
1963 මාර්තු මස 31 වැනිදා ගුවන් විදුලියෙන් ප‍්‍රචාරයවූ ”ලස්සනට පිපුණු වන මල් ” ගීතයෙන් කලා ක්‍ෂේත‍්‍රයට පිවිසෙන ඔහු අඛණ්ඩ ජනප‍්‍රියත්වයක් සහිතව දශක 5ක කාලයක් ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටී. කැසට් පට 112 කට ගීත ගායනා කළ එකම ගායන ශිල්පියා වශයෙන්ද ගීත 5000 කට අධික ප‍්‍රමාණයක් ගායනා කරමින් ලාංකේය සංගීත කලාවට අපරිමිත සේවයක් කළ නිහාල් නෙල්සන් චිත‍්‍රපට 25 කට අධික සංඛ්‍යාවක ද ගීත ගායනා කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහාල් නෙල්සන් ගායකයාට ජයවේවා..(බ)
සංවිධාන හදල නොතේරෙන අය කඩේ යවලා පුතාලව ස්ටේජ් නග්ගනවා කියන කතාව එක බලන අයට පේනවා පේස්බුක් වලගිය දේවල් බැලුවාම .(අ)
සිරිවර්ධන පැරිස් කතාව සම්පුර්ණ ඇත්ත සමහර සන්දර්සන වල සභාපති ගේ පුතාලා විතරයි සින්දු කියන්නේ අනික් දක්ෂ ළමයින්ට නො චාන්ස් පේස්බුක් බලන්න බොරුද කියලා ..(අ)
පියන්ත පැරිස්, සමහරු සංගීත සංදර්ශන කරන්නේ තම තමන්ගේ ළමයින්ට සින්දු කියන්න කියන කතාවට අපි එකඟයි. සාක්කි ෆේස්බුක් වලින් බලන්න (නි)
පියන්ත පැරිස් ..සමහරු ගායකයන්ට තැගී බෝග යහමින් දෙනවා තම තමන්ගේ ළමයි එක්ක සින්දු කියවාගන්න අපි පේස්බුක් වලින් දැකල තියෙනවා ...(අ)
සමහරු ගායකයන්ට හූ කියනවා. එ්වා හොඳ වැඩ නොවේ (නි)
ඉන්ද්‍රනි පෙරේරා , අනිල් භාරතී , ගේ සංගීතයට නන්දා මාලනිගේ සංගීතයට වුණු දේ මතකනේ නිහාන් නෙල්සන් ගේ එකට එහෙම නොවේවා ..(බ)
හොඳ ගායකයෙක්.(හේ)
අපිත් එනවා බලන්න.(හේ)
සොමියට වරෙන් පැරිස් පුතා ... සැලුන් දොරක් තියෙන්නේ..(ර)
එහෙ ඉන්න මෙතුමාගේ රසිකයන්ට හොඳ අවස්ථාවක්. (ර)
ජෝතිපාලයන්ගෙන් පසු ලංකාවේ බිහිවූ හිත හොඳ ,මනුස්ස ගති නොඅඩුව තිබෙන ප්‍රවීන කලාකරුවාණෙනි , ඔබට හද පත්ලෙන්ම සුබ පතමි (හේ)
කුලතුංග නියම කතාවක් කිවුවේ ... පේස්බුක් වල ලියල තියෙන දේවල් ........කියන කතා පේනකොට නිහාල් කළේ (බ)
ආදරණීය ගායකයෙක් ! (බ)
නිහාල් අයියගේ මොන බයිලාද, පැරිස් වල ඉන්න සමහර අයගෙ බයිලා එක්ක බැලුවහම (නි)
නිහාල් අයියා එනවා නම් මම එනවාමයි (නි)
පිරිස් මහතාණනි, නිහාල් නෙල්සන් කලාකරුවා පිළිගන්න අපි හැමෝම එනවා. ජයවේවා! (නි)
නිහාල් අයියාව පැරිස් අපි ඊතා ආදරයෙන් පිළිගන්නවා ..හරි සතුටුයි .(හේ)
ඒ .ජා .ප .සමග සිටින නිහාල් නැලසන් මහතා පැරිස් අපි ඉතා සාධරයෙන් පිළිගනිමු . අපි සේරම එනවා බලන්න ..ජයවේවා ...(හේ)
නිහාල් නෙල්සන් මහතා සාදරයෙන් පිළිගන්නවා.(හේ)
නිහාල් ගේ සිංදුවක් නොහාන අය කවුද ? අයියෝ මම නම් වරදින්නේ නැතුව එනවා. (ර)