අබූජාහිදීය (රොයිටර්)
නැගෙනහිර නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 50කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට පොලිසිය සඳහන් කරයි.
සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී මෙම ප්‍රහාර එල්ල වී තිබේ. බොහෝමයක් ප්‍රහාර එල්ල කරන්නේ බොකෝ හරාම් සංවිධානයයි. ඊට අමතරව ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ද ගම්මානවලට ප්‍රහාර එල්ල කරන අතර නයිජීරියාව තුළ අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ.
“සෙනසුරාදා අපට මළසිරුරු 12ක් හමුවුණා. ඉරිදා අපට තවත් 33ක් හමුවුණා” යැයි නැගෙනහිර නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් ඔස්ටින් ඉවාර් පැවැසීය.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ කඩුනා ප්‍රාන්තයේ ග්වස්කා ගම්මානයටය. මෙම ගම්මානයට ප්‍රහාරයක් එල්ල වූයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
නයිජීරියාවේ ආරක්ෂාව අඩු ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී තිබෙන අතර පසුගිය කාලය මුළුල්ලේ එවැනි ප්‍රදේශ හා ගම්මාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල විය. මෙය එම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් යැයි පැවසේ.
වත්මන් ජනාධිපති මුහම්මදු බුහාරි 2015 වසරේදී බලයට පත්වූයේ අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය සහ ජනගහනයෙන් වැඩිම රට වන නයිජීරියාවට ආරක්ෂාව ගෙන එන බවට පොරොන්දු වෙමිනි.
කෙසේ නමුත් එම පොරොන්දු ඉටු කිරීමේදී ජනාධිපතිවරයා දුෂ්කර අභියෝගයකට මුහුණ දී සිටී.
එසේ වුවත් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නැගෙනහිර නයිජීරියාවේ ප්‍රහාරයකින් 50 ක් මරුට