IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවදිල්ලිය විස දුමෙන් වැසී යයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අද (3) විස දුමකින් වැසී ගිය අතර පසුගිය වසරවලට සාපේක්ෂව නවදිල්ලි අගනුවර වායූ දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 

ගුවන් යානා ද ආපසු හරවා හෝ ප්‍රමාද කර හෝ තිබෙන අතර වායු දූෂණය සම්බන්ධයෙන් වගකීම බාර නොගනිමින් ඉන්දීය දේශපාලනඥයෝ එකිනෙකාට චෝදනා කරමින් සිටිති. 

නවදිල්ලි අගනුවර අද මීදුමක් වැනි විස දුම් වළා පටලයකින් වැසී ගිය අතර සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. මිලියන 20කට වැඩි ජනතාවක් ජීවත්වන සහ වෘත්තීය කටයුතුවල නිරත යෙදෙන, මෙගා නගරයක් වන නවදිල්ලි අගනුවර වායූ දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

මෝටර් රථවලින් නිකුත් වන දුම, කර්මාන්තශාලාවලින් සහ අසල්වැසි ප්‍රාන්තවල තිබෙන කර්මාන්තශාලාවලින් නිකුත් වන විස දුම් යනාදිය නිසා එලෙස නවදිල්ලි අගනුවර වායූ දූෂණය ඉහළ ගොස් තිබේ. 

ඉන්දීය බලධාරීන් නවදිල්ලි නුවර වායූ දූෂණය මැන බලා ඇති අතර එම ගණනය කිරීම්වලට අනුව එම සංඛ්‍යා මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කර ඇතැයි ඉන්දීය බලධාරීහු පැවැසූහ. ඉන්දියාවේ වාතයේ ‘ගුණාත්මකබව, කාලගුණ අනාවැකි සහ පර්යේෂණ පද්ධතිය’ මගින් වාතයේ ගුණාත්මක බව මැන බැලෙන අතර ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වේ.

 නවදිල්ලියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ද ස්වාධීනව වායූ දූෂණය මැන බලයි. එහි නිලධාරීන් කරන ලද නිරීක්ෂණවලට අනුව ඉරිදා උදෑසන (ඊයේ) නවදිල්ලි අගනුවර වායූ දූෂණය ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

“නවදිල්ලි නුවර වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට ළඟාවෙලා” යැයි දිල්ලි මහඇමති අර්වින්ද් කෙජ්රිවාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද (3) සඳහන් කළේය. 

බොහෝ පිරිසක් ඇස් රතුවීම්, ඇස් හා උගුරේ ආසාදන සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර බොහෝ පිරිසක් මුහුණු ආවරණ පැළැඳ සිය දෛනික කටයුතුවල නිරත වූහ. 
‘එයා ඉන්දියා’ සහ ‘විස්තාරා’ යන ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රමාද කළ අතර ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යැව්වේය. දිල්ලි ගුවන් තොටුපොළ කටයුතුවලට ද බාධා එල්ල විය. 

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 තරගය පැවැත්වීමට ද නියමිතව තිබූ අතර බොහෝ ක්‍රීඩකයෝ මුහුණු ආවරණ පැළැඳ පුහුණුවීම් නිරත වූහ.

ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයන් එකිනෙකාට චෝදනා කර ගනිද්දි පසුගිය සිකුරාදා වෙද්දි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන තත්ත්වයක් ද උද්ගත වී තිබිණි. 

වායූ දූෂණය සම්බන්ධයෙන් පියවර ගන්නැයි අර්වින්ද් කෙජ්රිවාල් පසුගිය සතියේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

 “අසල්වැසි ප්‍රාන්තවලින් නිකුත් වන විස වායූ හේතුවෙන් දිල්ලිය ගෑස් කුටීරයක් බවට පත්ව ඇතැයි” ද හෙතෙම සඳහන් කළේය. 

ඇති වී තිබෙන තත්ත්වය දේශපාලනීයකරණය කිරීමට උත්සාහ කරන්නේ යැයි ඉන්දියාවේ පරිසර අමාත්‍ය ප්‍රකාශ ජාවඬේකාර්, දිල්ලි මහ ඇමැති අර්වින්ද් කෙජ්රිවාල්ට චෝදනා කළ අතර කෙජ්රිවාල් අනෙක් ප්‍රාන්ත සතුරන් බවට පත් කිරීමට උත්සාහ කරන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.

දිල්ලියේ පාසල් අඟහරුවාදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති අතර සඳුඳා සිට ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.

ලොව පරිසර දූෂණය වැඩිම (දූෂිතම) නගර 15න් 14ක් තිබෙන්නේ ඉන්දියාවේ යැයි වාර්තාවක් නිකු-ත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී සඳහන් කළේය. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය කරන ලද අධ්‍යයනයකට අනුව සෑම වසරකදීම මිලියනකට ආසන්න පිරිසක් වායු දූෂණය නිසා අකල් මරණවලට මුහුණ දෙන බව අනාවරණය විය. 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (1)

නවදිල්ලිය විස දුමෙන් වැසී යයි

mahinda Monday, 04 November 2019 12:40 AM

ලංකාවත් ඔය තත්වයට එයි බොහොම ඉක්මණින්... කඳු සමතල කරනවා, ගඟ හාරනවා, ගස් කපනවා පහත් බිම් ගොඩ කරනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 223 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 139 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 123 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 28 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 309 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 137 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site