පෝට් මෝස්බිහිදීය (රොයිටර්)
ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් බ්‍රහස්පතින්දා (15) පැපුවා නිව්ගිනියාවට පැමිණියේය.
ආසියා ශාන්තිකර සමුළුවේදී චීන ජනාධිපතිවරයා ප්‍රධාන භූමිකාවක් හොබවනු ඇතැයි ද පැවසේ.
පැපුවා නිව්ගිනියාවට ආවේණික ගෝත්‍රික කණ්ඩායම් සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී නර්තන ඉදිරිපත් කරමින් එරටට පැමිණි චීන ජනාධිපතිවරයා පිළිගත්හ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෙනසුරාදා හා ඉරිදා පැවැත්වෙන ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී නොවන බව දැනුම් දී තිබෙන තත්ත්වයක් තුළ සමුළුවේදී චීන ජනාධිපතිවරයාට විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි පැවසේ.
චීනය කලාපය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන සංවර්ධන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට චීන ජනාධිපතිවරයාට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇතැයි ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
පැපුවා නිව්ගිනියාව සම්පත් හා මූලාශ්‍රවලින් පොහොසත් රටක් වන අතර උපායමාර්ගිකව වැදගත් රටක් ලෙස ද සැලකේ.
චීන ජනාධිපතිවරයකු නිල සංචාරයක් සඳහා පැපුවා නිව්ගිනියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීමෙන් පසුව ජනාධිපතිවරයා ආසියා ශාන්තිකර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනයේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට ද නියමිතය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති ෂී ජින්පින්ග් පැපුවා නිව්ගිනියාවට