ලන්ඩන්හිදීය (රොයිටර්)
දකුණු දිග ඉරානයේ අශ්වාස්හි ඉකුත් සතියේ පැවැති හමුදා ආචාර පෙළපාළියට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් 22 කු අත්අඩංගුවට ගත් බව එරට බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයට සහ මැද පෙරදිග කලාපයේ ඔවුන්ගේ මිත්‍ර රටවලට චෝදනා කළේය.
“අශ්වාස්හි පැවැති හමුදා ආචාර පෙළපාළියට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ 22 කු අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව ආයුද, සන්නිවේදන උපකරණ ආදී උපකරණ තිබුණා. ඔවුන් ප්‍රහාරය එල්ල කළ පස්දෙනකුගෙන් සමන්විත ත්‍රස්ත සංවිධානයට සම්බන්ධයි” ඉරානයේ බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ආචාර පෙළපාලියට පැවැත්වුණේ සෙනසුරාදා 22 ය. ඊට කඩා වැදුණු තුවක්කුකරුවෝ ආචාර පෙළපාළිය නරඹමින් සිටි හමුදා නිලධාරීන් ඇතුළු පිරිසට වෙඩි තැබූහ. වසර 1980-88 කාලයේ පැවැති ඉරාන-ඉරාක යුද්ධය සිහිපත් කරමින් මෙම ආචාර පෙළපාළිය පැවැත්විණි. ඉරාන විප්ලවකාරී මුර බලකායේ (ඉරාන හමුදාවේ කොටසක්) සාමාජිකයන් 12 දෙනකු ඇතුළු 25 දෙනෙක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරාන ආචාර පෙළපාළියට ප්‍රහාර එල්ල කළැයි 22ක් සැකපිට