IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මියන්මාර හමුදා ජුන්ටාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නෙරපයි

රටට ද්‍රෝහි වූ බවට චෝදනා කරමින් මියන්මාර හමුදා ජුන්ටාව එරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපීමට පියවර ගෙන ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකී නෙරපමින් මියන්මාර හමුදාව එරට රට බලය අත්පත් කරගත් අතර එය වෙනස් කිරීමට ‘‘ඕනෑම දෙයක් කරන්නැයි’’ ලොව රටවල් උනන්දු කිරීමට නියෝජිත කියව් මෝ තුං ඉකුත් දිනෙක පියවර ගත්තේ ය.
ඔහු එම ධුරයෙන් නෙරපීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එයයි.

රටට ද්‍රෝහී වූ නිසා හමුදා පාලනය හමුදා පාලනය කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපන බව මියන්මාරයේ රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඊයේ (27) වාර්තා කළේය.

අවසන් මොහොත තෙක් සටන් වදින ඉන් අනතුරුව රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් කියව් මෝ තුං ඊයේ (27) පැවැසීය.
මියන්මාර හමුදාව පෙබරවාරි මස (1) වැනිදා එරට බලය අත්පත් කරගත්තේ ය. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමත් විය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මස (1) වැනිදා ය. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදා රෙජීමය රටේ බලය අත්පත් කරගත්තේ ය.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරයේ හමුදා ජුන්ටාව එරට නව පාලනය ලෙස පිළිනොගන්නා බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. එසේම මේ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම් දීමක් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට කර නැතැයි ද එම ප්‍රකාශයා. එබැවින් කියව් මෝ තුං තවදුරටත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා ලෙස කටයුතු කරන බව ද හෙතෙම කීය.

‘‘මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සම්බන්ධයෙන් අපට කිසිදු දැනුම් දීමක් කර නැහැ’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවැසීය.

මේ අතර කිසිදු සාමාජික රටක් මියන්මාරයේ හමුදා ජුන්ටාව පිළිගැනීම හෝ නිත්‍යනුකූල කිරීම හෝ නොකළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තනියෝ ගුටරෙස්ගේ මියන්මාරය වෙනුවෙන් පත් කර සිටින ක්‍රිස්ටිනා ෂාර්නා බෝගේනා පසුගිය සතියේ දී ප්‍රකාශ කළාය.


රොයිටර්

055 



අදහස් (0)

මියන්මාර හමුදා ජුන්ටාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 70 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site