මාලදිවයිනට පැමිණෙන ඉස්ලාමීය පූජකයන් සම්බන්ධයෙන් පුළුල් ලෙස සොයා බැලිය යුතු යැයි එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසා ඇත.
“සහ්රාන් හෂීම් පූජකයකු ලෙස 2016 වසරේ දී මාලදිවයිනට පැමිණියාද නැද්ද අපි දන්නේ නැහැ. එහෙත් මාලදිවයිනට පැමිණෙන ෂීක්වරුන් සහ මුස්ලිම් පූජකයන් දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතුයි. ඔවුන් පිළිබඳව පුළුල් ලෙස සොයා බැලිය යුතු” යැයි මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන්නේ සහ්රාන් හෂීම්ය.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සංචාරකයන්ගේ, විශේෂයෙන්ම සැකකටයුතු සංචාරකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.
එම සිදුවීමෙන් පසුව වීසා කාලය ඉක්මවා රැඳි සිටීම නිසා ශ්‍රී ලංකාවෙන් පූජකයන් 200කට ආසන්න පිරිසක් පිටුවහල් කර ඇතැයිද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
“වෙනත් නමක් භාවිත කරමින් සහ්රාන් හෂීම් මාලදිවයිනට ඇවිත් ඇති. ඒ නිසා පූජකයන්ට මාලදිවයිනට පැමිණීමට ඉඩ දීමේදී අපි පරෙස්සම් සහ කල්පනාකාරී විය යුතු” යැයි මොහොමඩ් නෂීඩ් මහතා ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත.
ද හින්දු ඇසුරිනි
055
COMMENTS
බලය නැතත් රටට ආදරය කරන නියමම නායකයෙක්. ඔහොම නායකයෙක් අපටත් හිටියා නම් කියා හිතෙනවා.
මුස්ලිම් රටක් වෙලත් ඒ රටවල නායකයෝ මේ ප්‍රශ්නෙදි ඉක්මන් තීරණ ගන්නවා අපේ අයට වැඩිය...