IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැරිස් නුවර පිහි ප්‍රහාරයක් දෙදෙනකුට තුවාල

ප්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන ‘චාර්ලි හෙබ්ඩෝ’ සඟරාවේ කලින් කාර්යාල ඉදිරිපිට සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි එරට අග්‍රාමාත්‍ය ඡෝ කැස්ටෙක්ස් පැවැසීය.

පිහි ප්‍රහාරයට ලක්වූ සිවුදෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද පැරිස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රහාරයෙන් පසු එක් සැකකරුවකු අල්ලාගැනීමට හැකි වූ බවත් තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ඔහු පැවැසූ බවත් පොලිසිය පසුව සඳහන් කළේය.

චාර්ලි හෙබ්ඩෝ සඟරාවට 2015 වසරේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය තවමත් විභාග වේ.

‘‘පැරිස් නුවරදී බරපතළ සිද්ධියක් වෙලා තියෙනවා’’ යැයි මාධ්‍යවේදීන් අමතමින් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා උතුරුදිග ප්‍රංශයට යෑමට නියමිතව තිබූ අතර එම සංචාරය අවලංගු කර අභ්‍යන්තර අමාත්‍යාංශයේ අර්බුද සාකච්ඡා කෙරෙන මධ්‍යස්ථානය වෙත කඩිනමින් ගියේය.

‘‘හතරදෙනකු තුවාල ලබලා. දෙන්නකුගේ තත්ත්වය බරපතළ’’ යැයි හෙතෙම කීය.

මධ්‍යම පැරීසියේ 11 දිස්ත්‍රික්කයේ පිහිටි චාර්ලි හෙබ්ඩෝ සඟරාවට අයත්ව තිබූ කාර්යාලය ඉදිරියේදී පිහි ප්‍රහාරය සිදුව ඇතැයි ද ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය.

චාර්ලි හෙබ්ඩෝ සඟරාවේ කර්තෘවරුන්, කාටුන් ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් 2015 වසරේ ජනවාරි මාසයේදී ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළ සහ එම අපරාධයට සහාය දුන් අය සම්බන්ධ නඩු විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

එම ප්‍රහාරයෙන් ප්‍රංශයේ සුප්‍රකට කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් මරුමුවට පත්වූහ. සයිද් සහ චෙරිෆ් කොවුආචි යන සහෝදරවරුන් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් ද ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

පැරිස් නුවර පිහි ප්‍රහාරයක් දෙදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site