ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
පාකිස්තාන අධිකරණයක් අද (6) එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම කළේය.
එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනාවලට වරදකරු කරමින් මෙම දඬුවම ලබාදී තිබේ.
පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගයඑන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
නවාස් ෂරීෆ් මේ වනවිට විදෙස් ගත වී සිටින අතර ඔහු නොමැතිව එරට අධිකරණයක් නඩු විභාගය පවත්වා ඉහත තීන්දුව ලබාදෙනු ලැබ තිබේ. මෙම තීන්දුවෙන් දශක හතරක් මුළුල්ලේ පාකිස්තානයේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් වූ නවාස් ෂරීෆ්ගේ දේශපාලනය දිවිය අහවර කරනු ඇතැයි ඇතැම් පිරිස් පවසති. නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අගමැතිධුරය හොබවා තිබේ.
අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු අගමැතිවරයා ලන්ඩනයේ සිට පාකිස්තානය බලා පැමිණෙන බව ද වාර්තා වේ. නවාස් ෂරීෆ් පාකිස්තානයට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.
ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටී.
055
COMMENTS
අපේ රටේ මේ තරම් හොරකම් දුෂණ කරලත් එක්කෙනෙකුටවත් තවම දඩුවමක් දෙන්න බැරි වුණා. මේ හැම කෙනාම එකයි.
මෙන්න නියම රටවල් , අපේ ලංකාවේ නම් මිනිස්සු 100ක් මැරුවත් අගමැති හිරේ නම් දාන්නේ නැහැ..
ලංකාවෙ නැහැ එහේ වගේ නිර්භීත නඩුකාරවරු, මෙහේ අය නඩුවලින් ඉල්ලා අස්වෙනව බයට, ඒ ගැන කතා කලොත් රන්ජන්ට වුන දේ තමයි වෙන්නෙ..
ලංකාවේ රාජපක්ෂලාට රවියලට වීරවන්සයලට ඕව අදාල නැද්ද
ශ්‍රී ලංකාවේ කවර තරාතිරමක හෝ වරදකරුවන් හිරේ යැවීමට හැකි රාජ්‍ය පාලනයක් ඇතිකර ගැනීමේ හැකියාව ඇත්තේ ජනතාවටය. අවු. 70 වක පාලකයන්ගෙන් එය තවදුරටත් ඉටුනොවන බව සහතිකය.