
රට, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම වැළැක්වීමට ‘කඩිනම්, තිරසර සහ ස්ථීර’ ක්‍රියාමාර්ග ගන්නැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව, පාකිස්තානයෙන් ඉල්ලීමක් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද - ඉන්දියානු ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 17 වැනි රැස්වීම අවසානයේ දී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව සහ ඉන්දියාව, පාකිස්තානයෙන් මෙම ඉල්ලීම කළේය.
සැප්තැම්බර් 9-10 යන දෙදින මුළුල්ලේ අන්තර්ජාලය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණි. 2008 වසරේ දී මුම්බායි නුවරට එල්ල වූ ප්‍රහාරය සහ 2016 වසරේ පතන්කොට් ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකාව සහ ඉන්දියාව මෙහිදි ඉල්ලීය .
අල්කයිඩා, ඉස්ලාමික් ස්ටේට්, ලක්ෂාර්-ඊ-තයිබා, ජායිෂ්-ඊ-මොහොමඩ් සහ හිස්බුල් මුජහිදීන් යන ත්‍රස්තවාදී ජාලවලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අවශ්‍යතාව ද රටවල් දෙක මෙහිදි අවධාරණය කළේය.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055
COMMENTS
ඉතිහාසය බලද්දී ලෝකයේ ලොකුම ත්‍රස්තවාදි කන්ඩායම විදිහට කටයුතු කරල තියෙන්නෙ ඇමරිකානු රජය කියලයි මගේනං අදහස.