බ්‍රසල්ස්හිදීය (රොයිටර්) 
 
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

 
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එසේත් නැතිනම් නේටෝ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්නේ ඉතා සුළු මුදලක් යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය. 
 
එම නිසා තමන් ඇමෙරිකාව සංවිධානයෙන් ඉවත් කරගන්නා බවට ද හෙතෙම තර්ජනය කළේය. නේටෝ සංවිධානයේ මහ සමුළුව පෙරේදා (11) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ වූ අතර අද (12) සමුළුවේ දෙවන දිනය විය.
 
055