චීනයේ ෂැංහයි නගරයේ කඩාවැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි පුද්ගලයන් 11දෙනෙකු මුදවාගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගෙන ඇති අතර තවත් 11දෙනෙකු සුන්බුන්වලට යටවී සිරවී සිටින බව වාර්තා වේ.
අද(16) උදෑසන ගොඩනැගිල්ල කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ එය ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බව බලධාරීහු පවසති.
ගිනි නිවන හමුදාවේ මුදවාගැනීමේ සේවකයින් 150ක් පමණ එම ස්ථානයට කැඳවා ඇත.
සිරවී සිටි පුද්ගලයන් බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද යන්න සම්බන්ධව මෙතෙක් කරුණු වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේ වලට චීනය = ඉන්දියාව ඒ අතින් අපේ කොන්තරක් කාරයෝ හොඳයි