මෙම වසර අවසානය වන විට සැලසුම් කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. පෞද්ගලික ආයතනයක් විසින් මේ සඳහා මුදල් යොදවනු ලබයි. 
 

ෆ්ලොරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිත යානය 2019 වසරේ පෙබරවාරි මාසයේදී සඳ මත ගොඩබැස්වීමට සැලසුම් කර ඇත.
එලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුව මගින් යානය ගුවන් ගත කෙරේ. 
 
සඳ මත ඊශ්‍රායල කොඩිය සවි කිරීමෙන් පසු සදේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරන බව විද්‍යාඥයෝ පවසති.
 
මෙම යානය නිපදවීමට පටන්ගෙන ඇත්තේ ගූගල් ලූනා එක්ස්ප්‍රයිස් නම් තරඟයක් සඳහා වන නමුත් නියමිත කාලයට එය සාදා නිමකිරීමට නොහැකි වි ඇත. ඩොලර් මිලියන 50ක ත්‍යාගය නොලැබුණද යානය නිපදවීමේ කටයුතු දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසයි.
 
මෙම උත්සාහය සාර්ථක වුවහොත් සඳ මත යානයක් ගොඩබස්වන හතරවන රට බවට ඊශ්‍රායලය පත්වේ. මීට පෙර රුසියාව, ඇමරිකාව සහ චීනය සඳමතට යානා යවා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)