රෝගියෙකු ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ගුවන් යානයක් පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලින් ගුවන් ගතකිරීමේදී පුපුරායාම හේතුවෙන් යානයේ සිටි අට දෙනෙකු මියගොස් ඇත.
යානයේ ඇමරිකානු සහ කැනේඩියානු නිලධාරීන් දෙදෙනකු සිටි බවද සඳහන් වේ.
ජපානයේ හැනෙඩා ගුවන් තොටුපල බලා පිටත් වීමට නියමිතව තිබූ යානය ගුවන් ධාවන පථයේදී පුපුරා ගිය බව බලධාරීහු පවසති.
අනතුරට පත්වන අවස්ථාවේ යානයේ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු, රෝගියෙකු , සහයකයෙකු සහ ගුවන් කාර්යමණ්ඩලයේ තිදෙනකු ද සිට ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් අයෙක් බේරා ගන්න ගිහින් 8 දෙනෙක් මරණයට. ලෝකයේ සිදුවන දේවල් හරි පුදුමයි.