කියුබාවේ නැගෙනහිර පළාතේදී සිදුවූ බස් අථ අනතුරකින් අටදෙනකු මියගොස් 31ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය අයගෙන් හතරදෙනකු විදේශිකයන් වේ. තුවාල ලැබූ අයගෙන් පස්දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව බලධාරීහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 40ක් ගමන් කරමින් සිට ඇති අතර එයින් 22දෙනකු විදේශිකයන් බව සඳහන් වේ.
බස් රථය බැරකෝවා සහ ග්වාතනාමේ නගර අතර ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.