IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් මිලියනයක් අවතැන්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත. පසුගිය දිනවල ඇතිවූ අධික වැසි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇතැයි ඉන්දීය කාළගුණ අංශ වාර්තා කර තිබේ.

ටිබෙටයේ සිට ඉන්දියාව හරහා බංගලාදේශය දෙසට ගලා බසින බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගැලීමෙන් ඇසෑම් ප්‍රාන්තයේ ගම්මාන දෙදහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි බලධාරීහු පවසති.

ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 33න් 23කටම ගංවතුර තත්ත්වය බලපෑම් ඇතිකර තිබේ.

ඉදිරි දින කිහිපයේ වර්ෂාව වැඩි වන බවට කාළගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇති බවට ද අනතුරු අඟවා ඇත.

දුර්ලභ රයිනෝ විශේෂයක් වාසය කරන කාසිරංගා ජාතික උද්‍යානයේ වැඩි කොටසක් ජලයෙන් යටවී ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැරා මිලිටරි භටයන් යොදවා ඇත.

මේ දිනවල ඉන්දියාවේ දරුණු ලෙස කොරෝනා වයිරසය පැතිර යන බැවින් තාවකාලික කඳවුරු වල සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි බලධාරීහු පවසති.

අසාම් ප්‍රාන්තයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 7,492ක් වාර්තා වී ඇති අගර මරණ 11ක් සිදුවී තිබේ. තේ වගාව සඳහා ප්‍රසිද්ධ අසාම් ප්‍රාන්තය සෑම වසරකම ඇතිවන සෘතුමය ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වෙයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් මිලියනයක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site