ඇල්ජියර්ස්හිදීය (රොයිටර්)
 
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
 
ගුවන් යානයේ සිටි   සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇල්ජීරියානු පුවත් වෙබ් අඩවියක් වාර්තා කර කර තිබිණි. 
 
බෞෆාරික් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ. 
 
ඉලයිෂන් 276 වර්ගයට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව තිබෙන අතර මේ ආකාරයෙන්ම 2014 වසරේදී සිදු වූ අනතුරකින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
055 / 255