IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි

බීරූට්හිදීය (ඒ.එෆ්.පී)

‘ඉස්ලාමික් ස්ටේට්’ ජිහාද් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි වසරකට පසු හඬ පටයක් නිකුත් කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු අයි.එස් සංවිධානයේ නායකයා හඬ පටයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන අතර අයි.එස් නායකයා මෙම හඬ පටය නිකුත් කර ඇත්තේ බදාදා (22) ය.

හඬ පටය නිකුත් කරමින් “ජිහාද්” ව්‍යාපාරයට සහාය දෙන්නැයි අයි.එස් සංවිධානයේ නායකයා සියලු මුස්ලිම් වැසියන්ට ප්‍රකාශ කර ඇත. 

ඉස්ලාම් බැතිමතුන්ගේ ඊද් අල්-අදා දිනය වෙනුවෙන් ටෙලිග්‍රෑම් තාක්ෂණය ඔස්සේ අයි.එස් නායකයා මෙම හඬ පටය නිකුත් කර තිබේ. 

අයි.එස් සංවිධානයේ නායකයා මෙම හඬ පටය නිකුත් කරන අවස්ථාව වනවිට එම සංවිධානයට ඉරාකයේත් සිරියාවේත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ බොහෝමයක් අහිමි වී තිබේ. 

“තම ආගම, ඉවසීම, සතුරන්ට එරෙහි ජිහාද්වාදය අමතක කළ සියලු දෙනා මෙන්ම මැවුම්කරුවගේ පොරොන්දු රකින්නට අපොහොසත් වූ සියලු දෙනා නියත වශයෙන්ම අපකීර්තියටත් නින්දාවටත් පත්වනු ඇතැයි” අයි.එස් නායකයා තම හඬ පටය ඔස්සේ සඳහන් කර ඇත. 

“එහෙත් ඔවුන් ඒ වෙනුවෙන් රැඳි සිටියහොත් ඔවුන් ප්‍රබල හා ජයග්‍රාහී වනු ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත. 

අයි.එස් නායකයා මියගිය බව අවස්ථා ගණනකදී ප්‍රකාශයට පත්වුවත් ඔහු ඉරාක දේශසීමාව ආසන්න සිරියානු භූමියේ සිටින බව ඉරාක බුද්ධි නිලධාරියෙක් මැයි මාසයේදී පැවැසීය. 

අල් බැග්ඩෑඩි ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් සමඟ ගමන් කරමින් සිටින බව පැවසේ. 

බැග්ඩෑඩි පිළිබඳ කතාබහක් ඇති වන්නේ ඉරාකයෙනි. ඔහු ලොව වැඩියෙන්ම අත්‍යවශ්‍ය පුද්ගලයා බවට පත්ව තිබෙන අතර ඔහු අල්ලා ගන්නා අයකුට එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර ඇත. 

055



අදහස් (0)

අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 477 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site