නවදිල්ලිහිදීය (ඒ.එෆ්.පී)
වසර 2022 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශය මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප‍්‍රකාශ කළේය.
ඉන්දියාවේ 72 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නවදිල්ලි නුවර රතු බලකොටුවේ පැවැති උත්සවයේදී දීර්ඝ කතාවක් කරමින් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව කීවේය.
වසර 2022 දී හෝ හැකියාවක් ලැබුණහොත් ඊට පෙර හෝ ඉන්දීය ධජය රැගත් ඉන්දීය පුරවැසියකු අභ්‍යාවකාශයට යැවීමට කි‍්‍රයා කරන බවත් ඉන්දීය ධජය රැගෙන යන පුරවැසියා පිරිමියකු හෝ කාන්තාවක හෝ විය හැකි යැයි බවත් මෝදි අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.
එසේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කළ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වන බව ද අගමැති මෝදි මෙහිදි කීය. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හා චීනය එවැනි මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් දියත් කර තිබේ.
මේ අතර ලබන වසරේදී මිනිසුන් රහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පසුගිය සතියේ නිවේදනය කළේය.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරනවා - මෝදි
දේශ පාළු කුණුගොඩ Thursday, 16 August 2018 08:08 AM
ඊට නරකද වැසිකිලි ටික හදලා දුන්නනම්.
3-wheelmalli Thursday, 16 August 2018 09:59 AM
රොකට් එක හදන්නේ ඉන්දියාවේද? එහෙනම් අභ්‍යාවකාශයේත් ගරාජ්, ස්පෙයා පාර්ට් කඩ එහෙම දන්න වෙයි.
vijitha Thursday, 16 August 2018 11:01 AM
ලෝකෙට පේන්න බොරු සෝබන දාන්නේ නැතුව අර වැසිකිළි ටික හදලා දෙන්න, බඩගින්නට මැරෙන මිනිස්සුන්ට කැම ටිකක් දෙන්න
sanath Thursday, 16 August 2018 06:52 PM
මෙයාලා කන්න නැතුව ඉඳගෙන බල්ලන්ට හැට්ට මහණව.
Bamunuarachchi Thursday, 16 August 2018 10:45 PM
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" මම හිතුවේ අපි විතරයි කියලා... බලනකොට මේ ගොල්ලොත් එහෙමයි..
ananda Friday, 17 August 2018 05:42 AM
අම්මේ හා එච්චරයි අඩු ඉන්දියවට ගිය අය දන්නවා ඉන්දියාවේ තරම...
ධනුෂ්ක Friday, 17 August 2018 02:29 PM
මේ වැඩ ඉතින් තමන් ලෝකේ බලවතක් බව ලෝකයාට පෙන්වන්න හොඳයි. හැබැයි දන්නෝ දනිති. ලංකාවේ නම් මේ වෙලාවේ පාලකයෝ පහුගිය කාලේ වගේ රොකට් අරින්න අාවොත් නියත වශයෙන්ම මිනිස්සු එකතු වෙලා පාලකයින් ටිකත් එ් රොකට් එකට දාලා උඩ අරිනවා බිම නොවැටෙන්න.
කවීන්ග හේරත් Friday, 17 August 2018 07:44 PM
මොනවා කීවත් ඉන්දියාව අපේ රටට වැඩිය මොනතරම් දියුණුද...අපි මොනවාද හදන්නේ...? ඇල්පෙනෙත්තක්වත්...ලැජ්ජයි.
කිර්ති ශ්‍රී රාජසිංහ Tuesday, 21 August 2018 10:13 AM
ඒ වුනාට ලෝකෙන් උතුම් රට ලංකාවයි" කියලානේ අපිට ඉගැන්වුවේ. අපි ඔහේ මෝඩ චුන් එකක් දාගෙන ඉන්නවා. ඇමතිලා මන්ත්‍රීලා ඇතුළු දේශපාලුවෝ රට විකුණගෙන කනවා. අවංක දේශපාලකයෙක් ....බෙහෙතකටවත් නැහැ. කාලකන්නි රැලක් මේ රට කෑවා.
sam Saturday, 18 August 2018 04:30 AM
ඔබ තුමා ගියානම් හරි ඒකෙ
de silva Saturday, 18 August 2018 09:07 AM
රොකට් හදන්න ඉස්සරවෙලා ප්‍රමිතියකට වහනයක් හදන්න, ඉන්දියන් වාහන අවරුදු 3-4 යනකොට ලෙඩ දෙන්න පටන්ගන්නවා, මලකඩ හැලෙනවා, අවුරුදු 2-3 යනකොට මාර්කට් එක නිකම්ම අඩුවෙනවා, ඔය රොකට් එක ඉන්දියාවේ හැදුවොත් ඕකේ යන මනුස්සයට ඕකට නගින්න ඉස්සරවෙලා අන්තිම කැමති පත්‍රය ලියන්න කියන්න
චාන්දනී ද සිල්වා.Sunday, 19 August 2018 11:16 PM
එහෙම හරි උන් හදනවානේ. අපිට මොනවාද පුළුවන්...? අනුන්ට මඩ ගහන්න.ඔය ජරා ගතිය නිසාම තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ. ඒ විතරක් නොවෙයි ඉන්දියන් කාරයන්ට පුළුවනි අපේ මේ චුටි දුපත පැය කිහිපයකින් මුළුමනින්ම අල්ලා ගන්න. ඒසා විශාල හමුදාවක් වගේම ජනගහනයක් සිටින රටක්.
Kumar (Gulf) Sunday, 19 August 2018 07:41 AM
හලෝ ලොකු උන්නැහේ, ඉස්සෙල්ල අර කේරල ප්‍රාන්තයේ වෙලාතියෙන්න වින්නැහියට පිහිටවෙලා, ආයේ එවැනි විපත්ති සිදුනොවෙන්න ඔය සල්ලි වියදම්කරලා කේරලයට ලැබෙන අධික වැසිජලය තමිල්නාඩුවට හරවන්න, එතකොට තමිල්නාඩුවේ ගොවියෝ මුළු ඉන්දියාවටම අවැසි ආහාර නිෂ්පාදනය කරාවි.
de silva Sunday, 19 August 2018 06:47 PM
උඩුගුවනට රොකට් එකක් යැවුවා කියලා, අර කල්කටාවේ සහ ඉන්දියාවේ අනිකුත් ප්‍රදේශවල මන්දපෝෂණයෙන් පෙලෙන මිලියන කිහිපයක් වන මිනිස්සුන්ගේ කුසගිනි නිවෙනවද? කොච්චි වල ඉඩ නැති නිසා මිනිස්සු යන්නේ වහලේ, ඔය සල්ලි වලින් කොච්චි පෙට්ටි ටිකක් අරගන්න එක හොඳ නැද්ද ?