(නිමල කොඩිතුවක්කු)
වත්කම් බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීම මන්ත‍්‍රීවරුන් 225 ටම අනිවාර්ය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පැවැසීය.
ජනතාවට වගකියන පාර්ලිමේන්තු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මේ මගින් ලැබෙන බවත් මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද(11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා මෙසේද කීය.
යළිත් වතාවක් ඉන්ධන මිල අඩු කරමින් අපේ ආණ්ඩුව ජනතාවට තවත් සහන ලබා දීලා තියෙනවා. ණය කන්දක් තියාගෙන පෙට‍්‍රල් ඞීසල් මිල පමණක් නෙමෙයි ගෑස් සිලින්ඩරයක මිලත් තවමත් අපි රාජපක්ෂ රජයට වඩා අඩුවෙන් ලබා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ පිළිබ`දව මේ දිනවල සාකච්ඡාවට ගැනෙනනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 ම ජූනි 30 වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදිය යුතුව තිබෙනවා.
මාර්තු 12 ව්‍යාපාරය හැටියටත් ස්වාධීන මන්ත‍්‍රීවරුන් හැටියටත් වත්කම් බැරකම් ප‍්‍රකාශ මහජනතාවට ලබාදිමට මම තීරණය කළා. මේ වනවිට මන්ත‍්‍රීවරුන් 10ක් වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත්කරලා තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍ය එක් පියවරක් විදියට වත්කම් බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීම අපි විශ්වාස කරනවා.
වත්කම් බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීම මන්ත‍්‍රීවරුන් 225 ටම අනිවාර්ය කළ යුතුයි. එහෙම වුනොත් තමයි මන්ත‍්‍රීවරුන්ගේ විනිවිදභාවය තව තවත් වැඩි වෙන්නේ. ජනතාවට වගකියන පාර්ලිමේන්තු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මේ මගින් ලැබෙනවා යැයිද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.

(වීඩියෝ හා ඡායාරූප -ඉෂාන් සංජීව )
COMMENTS
ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දේපොළ නෝනටයි, ළමයින්ටයි, මල්ලිටයි, නංගිටයි, මාමාටයි, ආච්ච්ටයි ලියලා තිබ්බම ඉවරයිනේ...
සත්‍ය වශයෙන්ම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත යුතුයි. කවුරුන් හෝ එසේ දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් සතු වත්කම් නීතිවිරෝධී ඒවා බවට වෙනත් සාක්ෂි අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් එසේ නොකරන්නන්ට රටේ පවතින නීතිය යටතේ දඬුවම් කොට වැඩිපුර ඇති වත්කම් රාජ සන්තක කළයුතුයි...
ඕවා පෙන්නුවයි කියල වැඩක් තියෙනවද? නීතිය ක්‍රියාත්මක වෙයිද? මහින්ද, නාමල්, යෝෂිත, බැසිල්, ගෝඨා, උදයංග, විමල් තව කොයිතරම් නම් ඉන්නවද? මන්ත්‍රීට එකපාරක් බොරුවට පෙනී සිටින්න කියනවා... ඊටපසු අවුරුදු 4කට නැවත ඡන්දෙ ළංවෙනකොට කැඳවනවා. හැම නඩුවම ඔයවගේ. 225 හේ නමුත් සාමාන්‍ය වැසියාගේ අකුරට මේ නඩේ... මෙතරම් දූෂිත වැඩ කරන්නේ. කට්ටියගේ පදේට නටන නිසා, මහින්දගේ නඩු අහන්නේ උසවියෙන්ද? නැහැ.. දේවාලේ කපු මහත්තයා..
අනේ ඒ අහිංසකයින්ට මොන දේපළද? ඒ ඈයෝ මේ සැදී පැහැදී මහජන සේවයට දිවා, රාත්‍රී නොබලා කැප වෙච්චි උදවිය කොට.. කඳ බඩ ආරලා ආවට හරියට කෑමක්, බීමක්වත් ගන්න උදවියද මං අහන්නේ..? ඒ උදවියගේ කැපවීම නිසානේ මේ රට මෙච්චර සුඛිත, මුදිත වෙලා තියෙන්නේ... පව් දෙයියනේ අසරණයන් ටික...