රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.
සමන් රත්නප්‍රිය මහතා සමඟ පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
රත්නප්‍රිය මහතා ඉකුත් 6 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි.
(ඡායාරූප හා විඩීයෝ - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් අලෙවි නියෝජිතයින්...
කරපිටින් තමන්ව බලයට ගෙනාපු මිනිස්සුන්ගෙන් පළිගන්න පටන් අරං හිටං...
මහජනතාවගේ මුදල් අරන් එක එකාට කඩේ යන බත් බැලයින් තමයි.
රටේ නායකයින්ට රට කරන්න දීල මේ සෙට් එකට වැඩක් බලාගන්න කියන්න.
ඇස් දෙකේ සිට පහලට පට්ට ගැසිය යුතුය.
එන් ජී ඕ අටෝගෙන රටට විනකරමින් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ලබමින් කරන මේ නාඩගම් වලට ඔය හැම කෙනාටම දඬුවම් ලබා දිය යුතුමය.
ලස්සනට තිබුණු රට විනාශ කලේ මේ අය ඩයස්පෝරාවේ ඩොලර්වලට... වලපල්ලට යනකොට විඳවයි ඕවා නියමෙටම...
අම්මෝ මෙන්න එන ජි ඕ කාක්කෝ රැලක්ම ඉන්නවා.
මෙයාලව දැක්කාම හිරිකිතේ බෑ.
අපේ රට දරුණු ඒකාධිපති පවුල්වාදයකට යොමුව තිබුණු අවධියේ එය වලක්වා ගැනීමට මේ පිරිසගෙන් ලොකු රුකුලක් ලැබුණු බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඒ වෙනුවෙන් දැන් මොවුන් ලබා ගන්නවයි කියන ප්‍රතිලාභ ගැන අසන්නට ලැබෙන විට අපට ඔවුන් ගැන කලකිරීමක් ඇති වේ. ඇතැම් අඥාන පරවේණි දාසයන් ආඥා දායකත්වයට පවුල්වාදයට කඹුරන්නට කැමති වුනත් අප කිසිසේත් එවැන්නකට නම් ඉඩතැබිය යුතු නැත... පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතුය!
මේ අය තමා රට විනාශ කරන්නට අත දුන්න අය.
මේ ඩොලර් වලට කහින මල පෙරේතයෝ ටික දුම්මල ගහල හරි එලෙවේ නැත්නම් රටම අනතුරේ.