(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අද (03) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය. වවුනියාව පෞද්ගලික හෝටලයකදී මෙම මධ්‍යම කාරක සභාව රැස්විණි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂවල සහාය කාහටද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය දැනුම්දෙන බවද සුමන්තිරන් මහතා කීය.
(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් මධුෂංඛ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද? බෙදුම්වාදී අරමුණු සඳහා සමනල් පාලනයක් තිබීම ඔවුන්ට ඉතාම වැදගත්..
මේ තීරණේ අහසින් වැටුණු එකක් වෙන්න බෑ. මෙයාලා මුලින් කළ ඉල්ලීම් 13 ගැන හිතන්නම වෙනවා. මෙයාලා හැමදාම මස් රාත්තලම ඉල්ලපු අය. මේ තීරණේ පිටිපස්සේ කතාව බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕනේ එකක්. රටට විනකරන සහ කරපු කණ්ඩායම එක පැත්තකට එකතු වෙලා. තීරණය ගොඩක් පහසුයි දැන්... මේ කණ්ඩායමේ නැගිටීම කෙසේ හෝ පරාජය කළයුතුමයි. දේශමාමක බලවේග එකතු විය යුතු මොහොතක්...
දැන් අර කොන්දේසි 13ට මොකද වුනේ? සජිත් ප්‍රේමදාස මහතා කියනවා කිසිම කොන්දේසියකට එකඟ වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ TNA එක සුපුරුදු පරිදි අහිංසක දෙමළ ජනතාව මේ වතාවෙත් රැවැට්ටුවා නේද?.. දකුණේ සිංහල බිල්ලෙක්ව පෙන්නලා ඒ මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරලා තමන්ගේ වාසියට දැන් කිසිම කොන්දේසියක් නැතිව සහාය දෙනවා තමන්ගේ වාසියට... උතුරේ මිනිස්සු ළඟදීම දවසක ඔයාලාට උත්තර දෙයි.
කඳවුරු දෙක පැහැදිලියි නේද? දැන් අර පුතාණෝ කියයි කොන්දේසි වලට එකඟ නැහැ. මේවා ප්‍රතිපත්ති කියලා ගියපාරත් මෙයාලා ඡන්දය දුන්නේ මේ නඩයටම නේද? ඒත් ගන්න පුළුවන් වුනේ වැඩි ඡන්ද ලක්ෂ 4කට විතරයි.. ජේවීපී එකට මෙයලගේ ඡන්ද ලක්ෂ 6කට වඩා කැඩිලා යනවා. හිතාගන්න පුලුවන්ද කොහොමද පරදින්නේ කියලා...?
දැන් ඉතින් සජිත් දිනලා ඉවරයි...
ඔය බළලා මල්ලෙන් එළියට එන්නේ...
සජිත් දිනනවා. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන, පොඩි මිනිහාගේ හදවතට සමීප මානවවාදී පාලනයක් බිහිවෙනවා. මගේ මව්බිම සදා දිනේවා..!!!
ඒක අමුතුවෙන් මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙමල සන්ධානය හැමදාම හිටියේ මහින්දට විරුද්ධව. මොකද දෙමළ ජාතික සංධානය හොඳටම දන්නවා යුද්දෙ ඉවර කරේ කවුද කියලා. තෝරාගැනීමට තියෙන්නෙ විකල්ප දෙකයි.. 1) රටද? 2) අන්තවාදයද ?
කොහොමත් කොටි අන්තවාදීන්ගේ සෙවනැලි සපෝර්ට් කරන්නේ එජාපයට...
යෝජනා 13ට කිසිඳු පක්ෂයක් එකඟ වී නැත. මෙය හුදෙක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමෙන් පසු එළඹුණු තීරණයකි.
මෙතන මේ සමහරු නැති බයක් මවමින් යනවා. 2015ත් මේ අය එජාපයට සහයෝගය දක්වද්දී කිව්වේ ඔය කතා ටිකම තමයි.. ඔහොම බයවෙවී ඉන්න එකත් මානසික ලෙඩක්.
සජිත්ගේ පරාජය ස්ථීරයි. මේ ගොල්ලෝ එකතුවුණු නිසා සජිත්ට ඡන්දය දෙන්න හිටිය අයවත් දෙන්නේ නැහැ.
අලුතින් යෝජනා ඉදිරිපත් කරන්නේ බොරුවට... සජිත් ළඟ පියාගේ කාලේ හදපු ෆෙඩරල් විසඳුමක් තිබෙන බව මේ දෙමළ සන්ධානයේ අය දන්නවා. ඒකට එවකට යූ.එන්.පී. පාර්ලිමේන්තු කණ්ඩායමේ අත්සනුත් ලබාගෙනයි තිබුණේ...
බයියෝ පව්.. පව්....පව්...!!!
කොහොමත් මේවා අපි කලින් දැනගෙන හිටිය දේවල්... එක ජාතියේ කුරුල්ලෝ එකට ඉගිලෙති.
දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ගෝඨාභයගේ ප්‍රචාරණ ව්‍යාපාරය 'සුපුරුදු කොටි නැඟිටින කතා' සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය 'සුපුරුදු කොටි නැඟිටින කතා' සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.
මේ පාර එජාප එකට දිනන්න පුළුවන් වෙන්නේ දිස්ත්‍රික්ක 6ක් විතරයි. යාපනය, නුවරඑළිය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල ත්‍රිකුණාමලය. අනිත් ඔක්කොම ගෝඨාභය දිනනවා. දැනට කරපු සමීක්ෂණ වලින් ඒ බව පැහැදිලියි.
දෙමළ මිනිසුන් ඝාතනයට ලක්වුණා නේද? ජාත්‍යන්තරය අපට සාප කරන්නේ මේ නිසා නොවේද? මුස්ලිම් මිනිසුන්ට ආගම අදහන්න මේ ලංකාවේ අයිතියක් නැද්ද?
මේව දැක දැකත් කවුරුහරි හරි කෙනෙක් යූ.එන්.පී එකට ඡන්දෙ දෙනව නම් ඒ වගේ කෙනෙක් එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.