IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ



(අමල් වික්‍රමරත්න)

මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ  (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය  යහපත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාත්‍රියේ මෙරටට  පැමිණි  පසු පනවා තිබු හදිසි නීතිය අවලංගු කළ බව දැක්වෙන ඇති විශේෂ ගැසට් පත්‍රය අත්සන් කර නිකුත් කැරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙරටට පැමිණියේය.



අදහස් (21)

ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ

ajith Sunday, 18 March 2018 04:30 AM

නොවේ මෙවන් වින්නධයක් ලොවේ.

:       8       274

සතයපාල Sunday, 18 March 2018 04:41 AM

ලංකාවට ආ විගස හදසි නීතිය ඉවත් කරන්න තරම් ඉක්මන් උනේ ජාත්‍යන්තර බලපෑම් නිසාද ?

:       837       1096

අන්දරේ Sunday, 18 March 2018 05:49 AM

මේ අපිද ඒක දැම්මේ?

:       666       1086

nimal Sunday, 18 March 2018 06:23 AM

ආපු ගමන් හදිසි නීතිය අයින් කරන්න තරඟ හදිසිය මොකක්ද. අර්බුධය විසදුනෙත් නෑ, හරියට ලංකාවේ මොකක් හරි අර්බුධයක් පන නැගුන ගමන්ම මෙයා ජපන් , කොරියා හෝ කොහේ හරි යනවා.

:       14       301

SiriMonday, 19 March 2018 05:26 AM

මොකක්ද ඔය කියන 'අර්බුදය' ? කිසිම අර්බුදයක් තිබුනේ නැහැ.

:       0       0

මේලක Sunday, 18 March 2018 08:21 AM

ඉතින් ඕක දැම්මේ අගමැතිත් එක්ක එකතු වෙලා ඔබතුමාගේ කැමැත්තත් ඇතිව නම්, ඒක ඉවත් කරන එකත් එකට එකතු වෙලා ම කරා නම් ඉවරයි නේ, බොරුවට ලකුණු දා ගන්න ඉස්සර වෙලා කොර ගන්නේ නැතිව.. යහපාලනය වෙනුවට 3 වෙනි පන්තියේ දේශපාලනය

:       0       58

sena Sunday, 18 March 2018 09:08 AM

ජනාධිපතිතුමා යුද්දේ දිනුවා වගේ.

:       0       318

Muhan Sunday, 18 March 2018 09:59 AM

අර මෙහෙ උසාවියෙන් හොයන කෙනත් එක්ක ගෙනද ආවේ?

:       0       219

Raveendra Sunday, 18 March 2018 11:18 AM

නීතිය හදිසි බව කිව්වෙත් මෙමාය... අතරමගදී ජපන් ගියෙත් මෙමාය... වැඩේ කැත බවත් කිව්වේ ජපනාය... එබැවින් හදිසි නැති බව කිව්වෙත් මෙමාය..

:       0       67

palitha Sunday, 18 March 2018 02:01 PM

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළේ නැත්නම් ඉබේ අහෝසි වෙනවා. ගැසට් අනවශ්‍යයි.

:       0       119

sirimal Sunday, 18 March 2018 03:04 PM

හදිසි නීතිය පාර්ලිමේන්තුව මගින් යලි දීර්ඝ නොකරන්නේ නම් ඊයේ 16 මධ්‍යම රාත්‍රියෙන් ඉබේටම අවසන් විය යුතුව තිබියදී, හදිසි නීතිය අවලංගු කිරීම සඳහා නියෝගයක් අවශ්‍ය වන්නේ කොහොමද? ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යයි. මේකත් අර වටේට ඉඳගෙන දිරච්ච ලණු දෙන රන්බත් පිජාලගේ තවත් බහුබූත ක්‍රියාවක් කියලයි හන්දියේ කට්ටිය කියන්නේ. දැන් මේ සේරම කැසපට ගහන්නේ වහ වහා අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැවිත් කන්න දුන්න අත් දෙකම හපා කෑමට නේද?

:       11       211

sanju Sunday, 18 March 2018 03:26 PM

කවුද දන්නේ නැහැ, මේක දැම්මේ ?

:       0       41

Nuwan Sunday, 18 March 2018 03:34 PM

පාර්ලිමේන්තුව පසුගිය 09 වෙනිදා අවසන් වරට රැස්වූ අතර යලි රැස්වීමට නියමිතව තිබෙන්නේ 20 වෙනිදා ට ය. ඒ අතර තුර දිනයක් වූ 16 වෙනිදා ජනාධිපති පැනවූ හදිසි නීතිය අවසන් වන්නේ නම් එය දීර්ඝ කළ යුතුව තිබුනේ 09 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ය. එදින ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය මගින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගත යුතුව තිබිණ. නමුත් එවැන්නක් සිදු කෙළේ නැත. ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යය.මේවා මෙගා ඩ්‍රමාය

:       0       168

MuhanMonday, 19 March 2018 03:40 AM

නුවන් මේවා "මෙගා ඩ්‍රමා" නෙවේ "ගොන් පාර්ට් "

:       0       0

upali Sunday, 18 March 2018 05:25 PM

ඔක්කොම හරි.

:       0       8

Shihan Sunday, 18 March 2018 06:32 PM

අනේ මෙහෙම රටක්.. රටකට ගිය කලක්..

:       0       39

Aluthgama A. Samathasena. Monday, 19 March 2018 02:48 AM

රටේ පුංචි ප්‍රශ්ණයක් ඔඩු දුවනකන් කිසිදු තීරණයක් කළට වෙලාවට ගැනීමට අපොහොසත්වී කරකියාගත නොහැකි වූ විට හදිසි නීතිය දැමීම මහා බලගතු ක්‍රියාවක් කියලයි සමහර අත්දැකීම් අඩු දේශපාලකයන් සිතන්නේ.ආරක්ෂක ඇමැතිකමට නියම සුදුස්සාව පත් නොකොට කල්මරුවේ නැතිනම්,රටේ කළබල ඇතිවන්නේ නැත. ඒ අතින් බලනවිට මහින්ද මහත්තයා අර තරම් විශාල යුද්දයකටත් නායකත්වය දුන්නානේ."ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු".මහින්ද මහතා හොද එඩිතර නායකයෙක්.එත් එතුමා වටේ ඉන්න අරිට්ට කී වෙන්ඩුලා,පරපුටුවන් ආදීන් නිසා තමයි එතුමාගේ පිරිහීම ඇතිඋනේ. ඉදිරියේදීත් එහෙමයි.කොහොම උනත් ඉදිරි මැතිවරණ වලදී සටන පවතින්නේ මහින්ද මහතාගේ අලුත් පක්ෂයත්,එජාපයත් අතරයි.පරණ වාද භේද සියල්ල අතහැරලා,සිදුවූ වැරදි වලට ජනතාවගෙන් සමාව ගෙන මේ පක්ෂ දෙකට එකතුවීමට හැකිනම් අපට යහපත් හෙටක් ගැන සිතිය හැකි වේවි...

:       0       0

Nandaka Monday, 19 March 2018 04:01 AM

හැමෝටම සමානව සාධාරණව අකුරට නීතිය තිබුනානම් - ක්‍රියාත්මක කලානම් මේ වගේ හදිසි නීති ගෙන්න ඕන වෙන්නේ නෑ. බල්ලෝ පොරේට පනිනකොටම පොල්ල ගන්න තිබුනා... හපන්න අවොත් තඩිබාන්න තිබුනා ... කුඩුවටදාල වහන්න තිබුනා ... ඇති හැකි එකාට එක නීතියක් ? නැති බැරි එකාට තව නීතියක්.

:       0       0

priyantha gunasiri Monday, 19 March 2018 04:01 AM

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළේ නැත්නම් ඉබේ අහෝසි වෙනවා. ගැසට් අනවශ්‍යයි. ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යය. බොරුවට ලකුණු දාගන්න හදනවා අපි මෝඩයෝ කියල හිතනවා....

:       0       0

samantha Monday, 19 March 2018 04:50 AM

මොනවද මේ කතා. හදිස්සි නීතිය පනවන්න පුළුවන් එකම බලධාරියා ඔහුම තමා ඒ වගේම එය ඉවත් කල හැකි බලධාරියත් ඔහුම තමා. ඉතින් මෙය අලුත් දෙයක් නෙවෙයි පුරසාරම් දොඩවන්න.

:       0       0

kapila Monday, 19 March 2018 05:50 AM

මෙතුමාම නාට්ටියෙ තිර රචනය ලියනවා. මෙතුමාම රගපානවා. මෙතුමාම නීතිය දානව. දෑන් නිකන් ජනතාවට පේන්න ඒක ඉවත් කරන්වා. අනේ මන්දා...

:       0       4

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3920 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3195 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site