(නිමන්ති රණසිංහ)
ද නේෂන් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ලබාදුන් ප‍්‍රකාශයේ දී බොහෝ කරුණූ සම්බන්ධයෙන් තමන්ට මතක නැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී ගිරියාම මෙනෙවිය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අධිකරණයේ පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, සාක්ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම විමර්ශනවලට බාධාවක් බවද පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප‍්‍රශ්නයකටම වාගේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනිතීඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, සාක්ෂිකරුවන්ට මෙසේ අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් සිදුකරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කළාය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අනේ... දැන් මෙයාට 70ත් පැනලා... දැන් මෙයාට මතක නැහැ... අාපහු එන්න හදන්නේ මතක නැති වෙලා.
ලොක්කෝ ඔක්කොටම පාර්කින්සන්. රටක් පාලනයට සුදුසු නැති උදවිය. දැන් ගෙදර ගියානම් නරකද අපිට පව් නොදී...
අපේ රටේ හැම කෙනාටම අමතක වීමේ ලෙඩ තියන නිසානේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..
ඔන්න බලන්න රට පාලනය කරන අයට තිබෙන ලෙඩ. මේ සේරටම එකම ලෙඩ තමයි.
ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවට එතැනදී සිද්ධ වුනේ ඒකාබද්ධ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් මෙන්ම ආධාර කරුවන්ද පූජක පිරිස්ද ඇතුළු 300ක පමණ සෙනඟක් එකතු කරගෙන එම සිද්ධිය ප්‍රදර්ශනාත්මක දේශපාලන කටයුත්තක් බවට පත් කර ගත්ත එකයි. එතැනදී කුප්‍රකට 'මට මතක නෑ' 'මං දන්නෙ නෑ' පිළිතුර දෙමින් නොදන්නා පාර්ට් එකක් රඟ පෑවද එළියේදී "මේක පලිගැනීමක්" කියන්න නම් අමතක වුනේ නැහැ. ඊටත් වඩා "එයාලට ඒක වෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවා' කිව්වේ පැහැදිලිව යලි රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් දැන් සිටින පාලකයින්ගෙන් පළිගන්නා බව නොවේද? මාධ්‍යවේදීන් පමණක් නොව ඒ යුගයේ යුද්ධයට මුවා වී නිස්කාරණේ අහිංසක මිනිසුන් පැහැරගැනීමත්, අතුරුදහන් කිරීමත් සිදු විය. ඒ බොහොමයක් පුද්ගලික වුවමනාවන් මිස යුද්ධයට කිසිඳු සම්බන්ධයක් නැති කාරණාය. රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයාගේ අතුරුදහන් කිරීමත් සිරුර ත්‍රිකුණාමලය පැත්තේ වෙරළකට ගොඩ ගැසීමත් උදාහරණයකි. මේ සියලු අපරාධ ගැන සත්‍ය හෙළිදරව් කරගත යුතුය. ශිෂ්ඨ මිනිසුන්ගේ උත්සාහය විය යුත්තේ එය මිස 'පලිගන්නවෝ' යයි කෑකෝ ගසමින් දුව පැන ඇවිදීම නොවේ.
බබ්බුද? පුදුම රටක්... ලෙඩ්ඩුනේ බලයෙ ඉඳලා තියෙන්නේ. වෙඩි තිබ්බා, මැරුවා, හොරකම් කළා මතක නැහැ. මතක තියෙන්නේ රට අවුලවලා බලයට එන ක්‍රමය විතරයි. ඔය කාටත් මතක නැති වුනත් අපිට මතකයි දේශපාලකයින් කරපු සහ දැනටත් කරමින් සිටින ජරා වැඩ...
හරියට හරි. දැන් පැහැදිලියි. ජනාධිපති වෙලා හිටයා කියලා මතක නැති හින්දනේ ආපහු ජනාධිපති වෙන්න උත්සාහ කරන්නේ...
පව්... මෙහෙම ඉඳන්නේ අපට සේවය කරන්න එන්නේ...
මට නම් මසකට කලින් ඒවත් මතක නැහැ.
මෙහෙම අමතක වන කෙනෙකුට අනාගතයේ ලක්වැසි ජනතාවගේ ඉරණම විසඳන්නට භාර දෙන්න ඔබ කැමතිද ?
කතාව සාධාරණයි එකින් එක මතක තියා ගන්න කාට පුලුවන්ද..
කළ අපරාධ ගණන වැඩිවන විට එකෙන් එක වෙනම මතක තබා ගන්න අමාරුයි. ඒක සාමාන්‍ය දෙයක්. මතක තිබුණත් කටක් ඇරල කොහොමද කියන්නෙ මමයි නියෝග කළේ කියල. අපේක්ෂිත ප්‍රතිචාරය ප්‍රශ්නය මඟහැර යාම. ගමේ කොල්ලෙක් අහු වුණාම පොලීසිය ඇත්ත දැනගන්නෙ. අන්න එහෙම අහගත්ත නම් ඇත්ත දැනගන්න තිබුන.
ඇත්ත තමයි කව්ද තමන්ට අදාළ නැතිදෙවල් ඔලුවේ තියාගෙන ඉන්නේ. එතකොට මතකය නිකන් පිරෙනවා. හොඳම දේ අනවශ්‍යදේ මතකයෙන් මකල කර දමන එක.
මට නම් හෙල්පින් හම්බන්තොට, මිග් ඩීල්, කුඩු ඩීල් මොනවත් මතක නැහැ හලෝ.