IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම හමුවට කැඳවූ කරුණු 13

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක  අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බව කොමිසම අද (13) තීරණය කළේය. එබැවින් සාක්කි ලබා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අද කැ`දවනු ලැබු නමුත් ඔහුගෙන් සාක්කි ලබාගැනීමක් සිදු නොවීය.

කෙසේ වෙතත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක  අර්ජුන් ඇලෝසියස් මහතා ප‍්‍රශ්ණගත බැ`දුම්කර ගනුදෙනුව සමබන්ධයෙන් අත්‍යවශ්‍ය සාක්කිකරුවෙකු බව කොමිසම අවධාරණය කරයි. අර්ජුන් ඇලෝසියස් මහතාට අවශ්‍ය නම් සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාව ඇති බව පෙන්වා දුන් කොමසාරිස්වරු ඇලෝසියස් මහතා සාක්කි දීම ස`දහා මෙම කොමිසමට කැ`දවනු ලබන්නේ කරුණු 15ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීමට බවද දැනුම් දුන්හ.

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි කීවේය. ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද පැවසීය.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් හෙට දින (14 වැනිදා) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැ`දුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබ`දව වු විග‍්‍රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප‍්‍රකාශයට පත් කෙරිණ.

ඇලෝසියස් මහතා සාක්කි දීම ස`දහා මෙම කොමිසමට කැ`දවනු ලැබුවේ පහත ස`දහන් කරුණු 15 සම්බන්ධයෙනි.

1. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.

2. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බලපත‍්‍රය ලබාගත් ආකාරය.

3. අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.

4. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යක්‍ෂධුර වලින් ඉවත් වීමට හේතු.

5. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.

6. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ වර්ථමාන ප‍්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.

7. ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.

8. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.

9. ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

10. සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

11. පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

12. පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.

13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

 

 

 



අදහස් (12)

අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම හමුවට කැඳවූ කරුණු 13

සෙනෙවි Wednesday, 13 September 2017 12:33 PM

ජනාධිපතිවරයා මොකටද මේ දත් නැති කොමිසමක් පත් කලේ?

:       29       406

maheeWednesday, 13 September 2017 09:02 PM

එක නම් අහන්නම වටිනා ප්‍රශ්නයක්. කොමිසම පත් කරන්න නීති කෙටුම්පත් කල උදවිය දැන ගෙන හිටියේ නැද්ද මේක? නීතිපති දෙපාර්තමේන්තුව වත් දන්නේ නැද්ද? කලින් සාක්කි දුන් අය මේ ගැන දැනගෙන හිටිය නම් ඔවුනුත් සාක්කි නොදී ඉන්න තිබුනනේ. විශේෂයෙන්ම අමාරුවෙන් මෙතෙන්ට ඇදගෙන ආපු රවී. ඒ අතින් මේ නීතිඥයාට ස්තුතිවන්ත වෙන්න ඕන දැන්වත් මේ බරපතල දුර්වල කම එළිදරවු කරපු එකට. වරද කාගේද?

:       0       58

Nalin Wednesday, 13 September 2017 01:19 PM

කවුරු වුණත් තමාගේ සේවා දායකයා රැකගැනීම තමයි නීතිඥයාගේ පරම යුතුකම වන්නේ...

:       33       15

RuwanThursday, 14 September 2017 04:16 AM

ඔව් ඔව්, හොරෙක් උනත් නැතත් කරන්න දෙයක් නෑ. එක තමයි රස්සාව.

:       0       4

Raveendra Wednesday, 13 September 2017 02:33 PM

මේ උන්දැල නිසා ඇස්දෙක වහගෙනම උත්තර ලියන්න පුළුවන් වෙනවා. හොඳ වෙලාවට ප්‍රශ්න පත්‍රය කලින් පිටවෙලා.

:       0       109

nimal madawala Wednesday, 13 September 2017 02:39 PM

රන්ජන් ඇමතිතුමා, මෙන්න තවත් ඔබ කියන පන්තියේ කෙනෙක්, යුක්තියට පයින් ගසා අයුක්තිය රජකරවන්න හදන අයට ජනතාව කවදාහරි ගහනවාමයි.

:       88       216

Suranimala Wednesday, 13 September 2017 02:57 PM

මේ කොමිසම පත්වෙන්නත් කලින්ම ජන මාධ්‍ය සහ ඒකාබද්ධය මගින් "බැදුම්කර වංචාව" කියල නමකුත් දමලා අලාභයකුත් තීරණය කරලා තියෙද්දී අැලෝසියස්ට ගිහිල්ල කියන්න දෙයක් නැතිව ඇති.... අනික තමයි රජයේ නීතින්ඥවරු කිසිම ගරු සරුවක් නැතිව මිනිස්සුන්ට අමතන නිසා එතෙන්ට යන්නත් එපා වෙලා ඇති.

:       185       78

Thilina Wednesday, 13 September 2017 04:02 PM

කොමිසම දාන්න කලින් මෙතුමාගෙන් අහන්න තිබ්බනේ සාක්ෂි දෙන්න කැමතිද කියලා? කෝ මේ රන්ජන් ඇමතිතුමා? එතකොට ආසියාවේ ලොකුම හොරකමට විරුද්ධව උද්ඝෝෂණ නැද්ද?

:       111       271

NalinThursday, 14 September 2017 04:18 AM

මටනම් පෙන්නේ මේකත් ඩීල් එකේම කොටසක්. කොමිසම මුවාවෙන් කට්ටිය තව සල්ලි ටිකක් ගරා ගත්ත.

:       8       10

Nilupul Wednesday, 13 September 2017 06:51 PM

මෙව්වට කියන්න නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. හොර කලා කියල මුලු රටම දැනගනත් හොරු එළියේ විලිලැජ්ජාව නෑ. වෙනසක් කරන්න අපිත් දායක වුනා , අපිට මඩු වලිගෙන් තලාපියවූ. දැන් ඉතින් දෙවියන්ගේම පිහිටයි කිව්වලු .

:       25       240

daya Thursday, 14 September 2017 04:47 AM

වැදගත් පූර්වාදර්ශයක්. මම වැරදිකාරයෙක් මට දඬුවමි කරපල්ලා කියන්නෙ මොන මිනිහද?

:       0       0

channa Thursday, 14 September 2017 04:55 AM

ඔය අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා අයින් උනාට පස්සේ ඔය දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ අවන්ගුඅර්ඩ් එක වෙනුවෙන් පෙනී ඉදල ඇමැතිකමත් නැතිඋන තිලක් මාරපනගේ සහෝදරයා වන ගාමිණී මරපනයි. හිතාගන්න පුළුවන්නේ මේ ගොන්නු හැරෙන්නේ කෙහෙල් පැලේ කන්නයි කියල. කොහොම හරි අසරණ මිනිසුන්ගේ මේ හොරාකාපු සල්ලිවලට දෙය්යින්ගේම පිහිටයි. ඔය වැඩේ ඉවර වෙන්නේ අරලියගහ මන්දිරයෙන් තමයි. එකයි දැන්මම සාක්කි දෙන එක නවත්වන්නේ. අනේ අපොයි ලංකාව හිටපු හොරු අල්ලන්න කියල ආපු මේ අය රටට කල දේ.

:       51       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2566 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3359 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5655 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4686 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site