පොලිස්පති ඉවත් කරන්න විශ්වාසභංගයක්?


(අජන්ත කුමාර අගලකඩ)  

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඊට සහාය දැක්වීමට සූද‌ානමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  

මේ සම්බන්ධයෙන් ඉරිද‌ා ලංකාදීපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි යෝජනාවක් එන්නේ නම්, තම කණ්ඩායම ඊට සහාය දක්වන බවය.  


පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකීමේදී විශ්වාසභංග යෝජනාවට සහාය නොදී සිටීමේ හැකියාවක් තමන්ට නැතැයිද එම ඇමතිවරයා සඳහන් කළේය.  


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාව මගින් පොලිස්පතිවරයා පත්කළද ඔහු ඉවත් කිරීමේ හැකියාවක් ව්‍යවස්ථා සභාවට නොමැති අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ යුතුව ඇත.  


පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයද පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.